IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොළඹට පැය 3 කදී මි.මී. 122 ක වැස්සක්

(ඩයනා උදයංගනී)

කොළඹ නගරයට අද (28) පස්වරුවේ පැය කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වීම නිසා ජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිව තිබිණි.

මෙම තද වැසි පස්වරු 2.30 පමණ සිට ඇතිවූ අතර පස්වරු 5.30 දක්වා ගතවූ පැය තුනක පමණ කාලයේදී මිලිමීටර 122ක වර්ෂාපතනයක් කොළඹ නගරයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

තුම්මුල්ල, නිදහස් මාවත, හයිඞ්පාර්ක්, හෝර්ට්න් පෙදෙස, වෝඞ් පෙදෙස, කිංසි පාර, යුනියන් පෙදෙස සහ බේස්ලයින් මාර්ගය ඇතුළු තවත් මාර්ග මෙලෙස ජලයෙන් යටවී තිබිණි.

ඇතැම් මාර්ග අඩි කිහිපයක් ජලයෙන් යට වී තිබූ බව ද වාර්තා විය.

මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද ඇතිව තිබූ අතර ඒ හේතුවෙන් රැකියා නිම වී නිවෙස් කරා ගමන් කළ ජනතාවට පීඩා සිදුවිය.

දිවයිනේ පළාත් කිහිපයකට හෙට (29) සහ අනිද්දා දිනවලත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා ලංකාදීපයට පැවැසීය.

සෙසු පළාත්වලත් පස්වරු 2.00න් පසු වැසි ඇතිවන අතර අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මිලිමීටර 100ක පමණ තරමක තද වැසි ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.

 

රාත‍්‍රී කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සමහර ප‍්‍රදේශයන්හි උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කසුන් පැස්කුවල් මහතා ප‍්‍රකාශ කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප‍්‍රදේශයන්හි තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

මෙම වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් ලබන 1 සහ 2 යන දිනයන්හි අපේක්‍ෂා කරන බව කී පැස්කුවල් මහතා ඉන්පසු නැවත තද වැසි ඇතිවනු ඇතැයි ද කීවේය.

අන්තර් මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (3)

කොළඹට පැය 3 කදී මි.මී. 122 ක වැස්සක්

mal Thursday, 29 November 2018 01:33 AM

අපේ ආණ්ඩුව ආවා විතරයි අසිරි වැසි වහිනවා...

:       0       0

sachith Thursday, 29 November 2018 05:06 AM

මොන පාලකයෝ ආවත් තම බැරි උනානේ වැස්සට කොළඹයට වෙන එක හදන්න. කට විතරයි, වැඩ නෑ..

:       0       33

සිල්වා කටාර් Thursday, 29 November 2018 06:01 AM

මොන පාලකය ආවත් කොළඹ වගේ පැරණි සැලසුම් නොකළ නගරයක් ඔය වගේ වැස්සකදී ජලයෙන් යට නොවන පරිදි සැදීම කල නොහැකි බව බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. පැරිස් නිව් යෝර්ක් වගේ නගර වුනත් යට වෙනවා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site