(රන්ජන් කස්තුරි)

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවට අයත් ඉහළ තනතුරු වෙනත් සේවාවකට ලබාදීමේ යෝජනාවට විරෝධය දැක්වීම සඳහා ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්  ගැනීමට එම සේවාවේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

සමස්ත ලංකා පරීපාලන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රගතිශිලි කළමනාකරණ සේවා නිලධාරී සංගමය රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සමිති එකාබද්ධ එම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිතර 73000ක පමණ පිිරිසකට ඉහළ යා හැකි තනතුරු ඔවුනට අහිමි කිරීම බරපතල අසාධාරණයක් බව ද  ඊට දැඩි විරෝධය දක්වන බව ද එම වෘත්තීය සමති  කියයි.