(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල කලුබෝවිල ප්‍රතිබිම්බාරාමයේ තැන්පත් කර තිබී සොරාගත් සඳුන් දැවයෙන් නිමවා තිබූ බුදුපිළිමයක් මාතලේ අලුවිහාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි.
සොරාගත් බුදුපිළිමය ප්‍රවාහනයට යොදාගත් කුඩා වෑන් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙය වසර 400ක් පැරණි බුදුපිළිමයක් බවද පොලිසිය පවසයි.
බෝ මලුවේ වීදුරු කුටියක තැන්පත් කර තිබූ මෙම බුදු පිළිමය කිසියම් පිරිසක් විසින් වීදුරුකුටියේ දොර කඩා සොරාගෙන ගොස් ඇති බවට විහාරාධිකාරී මල්දෙණියේ චන්දාලෝක හිමියන් විසින් පොලිසියට දැනුම් දී තිබිණි.
ඒ අනුව කළ විමර්ශන අනුව බුදුපිළිමය සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර දුක කෙලවර කල හැකි මාර්ගය කියා දෙන මේ උතුම් ධර්මයේ අඩංගු වැදගත් දෑ සඟවා මේ ධර්මයෙන්ම පිං සහ දිව්‍ය ලෝක වට වන්දනාවේ යන ලෙස සහ ද්‍රව්‍යමය භව භෝග සම්පත් ලැබිය හැකි යයි කියා දෙන විට පිලිමෙත් විකුණා ගන්න පුළුවන් නම් හොරා ගන්න එකත් අහන්න දෙයක්ද අපේ හාමුදුරුවනේ?