(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
මත් ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුතා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක අද දහවල් මියගිය බව දකුණු කළුතර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර පලාතොට පදිංචි අනුලා පෙරේරා නමැති මවකි.
ආහාර පිසිමින් සිටි මවට සැකකාර පුතා පොරොවකින් ගසා ඇත්තේ ඉකුත් 17 වැනි දාය. අනතුරුව ඇය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය. සැකකාර පුතා ජූලි 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට නිරය විවෘත වී ඇත. ආනන්තරීය පාපකර්මය නිසා එහි කාලයක් ගැන කාට නම් කිව හැකිද? මත්කුඩු කළ හදියක්.
මිනී මරණ දඬුවම ලැබුණු චූදිතයින් සහ කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ සිටින රටක පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙවැනි ප්‍රතිඵල බව කණගාටුවෙන් වුණත් ප්‍රකාශ කළ යුතුය.
අම්මා මරපු කෙනාට තව කෙනෙක් මරණ එක ඉතාම සුළු දෙයක්... එල්ලා මරන්න ඕනෑ කාලකණ්ණියෙක්...
කාලකණ්ණියෙක්...
ඕක කුඩු හරි මත්පැන් මුදලාලියෙකුට ගැහුවා නම් රටට සේවයක්. මොකද උන්ට දඬුවම් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ.