(කේ බුද්ධික කුමාරසිරි)
කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (18) දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ ධාවනය වූ දුම්රිය රැසක් ප‍්‍රමාදව ධාවනය වූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.
අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා අද (18) අලුයම 4.55 ට ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක් වී තිබේ.
මේ හේතුවෙන් අවිස්සාවේල්ලේ සිට පෙරවරු 5.30 සහ 6.25 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත ව තිබූ දුම්රියයන් ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියෙන කුඩම්මාගේ සැලකිලි ලබන දුම්රිය මාර්ගය තමයි කැලණි වැලි ලයින් එක. කෝච්චි හැමදාම පරක්කුයි. එ්කක් නැත්නම් එකක්... කොළඹ ට්‍රැෆික් අඩු කරන්න පම්පෝරි ගහන්නේ නැතුව මේ පාරේ හරියට කෝච්චි ටික දිව්වා නම් 122/120 පාරවල්වල ගොඩක් ට්‍රැෆික් එක අඩු වෙනවා.