
(සිතුම් චතුරංග)
ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝ 1380 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම , ශාන්තිපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
කහ ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
ලොරි රථයක් තුළ පටවා තිබූ නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගය පොලිස් බාරයට ගෙන ඇත.
ලොරි රථයේ ලුණු සමඟ සූක්ෂම ලෙස සඟවා වියළි කහ තොගය මීගමුව ප්‍රදේශයට රැගෙන යමින් තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු ඔස්සේ මෙම කහ තොගය මෙරටට රැගෙනවිත් තිබූ බවට සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
මෙරට තුළ පවතින වියළි කහ හිඟය හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට වියළි කහ රැගෙන එන බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ,පල්ලිමුණෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 හැවිරිදි පුද්ගලයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම වැඩක් තමයි. රජයෙන් කහ ගෙන්නන්නේත් නෑ. ගේන අයත් අත්අඩංගුවට ගන්නවා. අල්ලන කහ මොනවා කරනවද කියලා දන්නෙත් නෑ. හරියට ගංජා අල්ලනවා වගේ අල්ලනවා..
කහත් දැන් මුතු මැණික් හා සමානයි.