ප්‍රංශයේ ‘කහ කබාකරුවන්ගේ ‘ විරෝධතා හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එරට මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් මාධ්‍ය හමුවේ පවසා ඇත.
ඉන්ධන මත පනවා ඇති අධික බදු හේතුවෙන් ප්‍රංශයේ මෙම උද්ඝෝෂණ හට ගෙන තිබේ.
මේ වන විට මතුව ඇති දැඩි කලබලකාරී තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ අයිෆල් කුලුණ හා ලූවර් කෞතුකාගාරය ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමට රජය පියවර ගෙන තිබේ.
විරෝධතාකරුවන් 125,000 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වි සිටින අතර 1,700 කට අධික පිරිසක් අත්අඩංගුවට පත් වී ඇතැයි එරට අරක්ෂක අංශ පවසයි.
එමෙන්ම ප්‍රංශ වෙළෙඳ සම්මේලනය පවසනුයේ මෙම විරෝධතා හේතුවෙන් සිල්ලර වෙළෙන්ඳන් හට ඩොලර් බිලියන 1.1 ක අලාභයක් සිදු වී ඇති බවත් ආපන ශාලා වෙළෙදාම 20% සහ 50% කින් පහළ බැස ඇකි බවත්ය. මේ වන විට මිලියන ගණනක් හානි සිදු වී ඇති බව එරට බලධාරීහු පවසති.
එරට වැසියන්ගේ සාමාන්‍ය ජන ජිවිත අඩාල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ලෝක වෙළෙඳපොලෙහි ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට ඉන්ධන මිල වැඩි වීමට හේතු වු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පසුගිය මාස 12 ක කාලය තුළ ඩීසල් මිල 23% කින් ඉහළ ගොස් ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
" කහ කබා" විරෝධතාකරුවන්ගේ විරෝධතා පාලනයට කදුළු ගෑස් ප්‍රහාරයන්ට අමතරව රබර් උණ්ඩ වෙඩි ප්‍රහාර ද එල්ල කිරීමට සිදු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ඇති වු ගැටුම් නිසා වෙළෙඳසල් ගණනාවකටම අලාභ හානී සිදු වූ අතර විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත් බවද එහිදී පොලිස් නිලධාරින් තිදෙනෙකු සමග පුද්ගලයින් 126 දෙනෙකු තුවාල ලැබූ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම විරෝධතාවය දශක ගණනාවකට පසුව ප්‍රංශයේ ඇතිවූ දැවැන්තම විරෝධතා ව්‍යාපාරය ලෙස විදෙස් වාර්තා සදහන් කරයි.
(බීබීසී ඇසුරෙනි)
36698



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයත් ගිනි ගන්නවා.
අපේ අය වඳින බටහිර ප්‍රජාතන්ත්‍රවාදය !!!
ඉතා සුළුවෙන් පටන් ගත් "කහ කබාකරුවන්ගේ" විරෝධතා රැල්ල මේ වනවිට ඉතා දුර දිග ගොස් තිබේ. ඉන්ධන මිල ඉහල දැමීම පමණක් නොවේ මේ "කැරැල්ලට" මුල් වුනේ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය සැනින් පාරිභෝගිකයාට එම වැඩිවීම පැටවුවත්, බොරතෙල් මිල පහළ ගියවිට එම ලාභය පාරිභෝගිකයාට ලැබෙන්නේ සති ගණනක් ගියාට පසුවයි. ඊට අමතරව යුරෝපයේ ඉන්ධන සඳහා දමන විවිධ බදු වෙනුවෙන් මා පදිංචි ප්‍රංශය කප් ගසා තිබෙන බව හැමෝම දන්නා රහසකි...! සුපිරි ධනපතියන්ගෙන් අයකළ ISF නම් බද්ද ජනාධිපති මැක්රෝන් අහෝසි කිරීම, ගෑස් විදුලිය නිරන්තරයෙන්ම ඉහළ දැමීම, විශ්‍රාමිකයන්ගේ සොච්චම් මාසික දීමනාව බදු වැඩිකිරිම්වලට යටත් කිරීම, මැතිවරණ පොරොන්දු අනුව කල්බදු අහෝසි කිරීමක් මන්දගාමිව යාම ආදී දිග වට්ටෝරුවක ප්‍රතිඵලයකි. මේ විරෝධතාවලට මුල් වුනේ ...! කෙසේ වුනත් මංකොල්ලකෑම්, ගිනිතැබීම් ආදිය මේ අය පිට පැටවීම සාධාරණ නැත. කහකබා වලින් සැරසී මුහුණු ආවරණ කරගෙන ආයුධවලින් පාරවල කළුගල් උගුල්ලා සාප්පු, බැංකු මංකොල්ලකා ගිනිතැබුවේ මදාවිකාරයන් මිස කහකබා කරුවන් නොවන බව බොහෝ දෙනාගේ මතයයි... නැත්නම් සාමකාමී විරෝධතාවලට 89000ක කැරලි මර්ධන පොලිසිය යොදවන්න ඕනෑද?
යුරෝපාකාරයෝ එක එක රටවල කලබල ඇති කරන්න වියදම් කරනවා... මානව හිමිකම් ගැන කියනවා... අපි දැක්ක ශිෂ්‍යයන්ව දණගස්සවලා... කෝ මානව හිමිකම්...