
(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයක් සමග පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ සිරුරක් කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි තිස්තුන් හැවිරදි ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි.
මොහු පෙරේදා රාත්‍රියේ කිසියම් ස්ථානයකින් ආහාර ලබා ගෙන මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර ඔහුගේ මෝටර් රථය ගිනිගෙන ව්‍යාපාරිකයා ද එම රථය තුළ පිලිස්සී මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වෙන අතර රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
ඡායාරූප එච්.එම්.ධර්මපාල



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ෂුවර් එකටම cctv මැකිල ඇති.. නැත්නම් වැඩ නැතුව ඇති..," හරි ... හරි..හ්ම් හ්ම් ..!!!
සීසීටීවී දර්ශන නොමැති තවත් මරණයක් වෙන්න පුළුවන්.
තාජුඩීන්ගේ යාලුවෙක්ද?
2010 සිට 2015 දක්වා වෙච්ච දේවල් දැන් මිනිස්සුන්ට අමතකයි. දැන් තියෙන්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක්නේ. අවුලක් නෑ.
සැකය තවතවත් උපදවනවා. මියගිය අයගේ සම්බන්ධ කරුණු කාරණාවලින් අදාළ තොරතුරු අනාවරණය වේවි.. ස්වභාවිකව කාරයක එකවර ගිනිගන්නේ නැහැ. පිපිරීමක් නොමැතිව දුම් ආඝ්‍රාහණය වුණත් ඉන් ඉවත් වෙන්න කාලයක් ලැබුණා.