
(ඩයනා උදයංගනී)
පිළියන්දල,කහපොළ ප්‍රදේශයේ ඉදි කළ ශාඛ්‍ය ජනපදයේ කටයුතු අතරමඟ නතර කිරීම නිසා එම භූමිය මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
පිළියන්දල,කහපොල,රෙජිඩේල් වත්තේ අක්කර 78 ක් භූමියක් පුරා රුපියල් කෝටි 50ක වියදමින් මෙම ජනපදය ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2017 වසරේදීය.
2019 වසරේ වෙසක් උළෙල හා සමගාමීව විවෘත කිරීමට සැලසුම් කළත් මේ වන විටත් එහි ඉදිකර පවතින්නේ ප්‍රාකාරය සහ ගොඩනැගිල්ලක් පමණක් බව එම ප්‍රදේශයේ කළ සංචාරකයකදී අපට දක්නට ලැබුණි.
දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ල සුද්ධෝදන රජුගේ රාජමාළිගයේ අනුරුව බව ද සඳහන් වේ. ඉන්දියාවේ දඹදිව ඇති සියලු ආගමික ස්ථානවල ජීවමාන අනුරූ, භාෂා 10කින් ධර්ම ප්‍රචාරය කිරීමේ පහසුකම් සහිත සන්නිවේදන මධ්‍යස්ථාන, එකවර දහසක පමණ පිරිසකට භාවනා කිරීමේ පහසුකම් ආදිය සහිතව සංචාරක ආකර්ෂණය ද දිනාගත හැකි ස්ථානයක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර තිබිණි.
ශාක්‍ය ජනපදය පදනම් වූ මේ රෙජිඩේල්වත්ත අක්කර 78 භූමියක් වන අතර එම භූමියේ මුල් හිමිකරු කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වූ සමරකෝන් මුදලි නමැති ධනවතෙකි.
ඔහු සිය අවසන් කැමැත්ත මගින් මෙම ඉඩම ද ඇතුළුව තමන් සතු දේපළ විශාල ප්‍රමාණයක් මහාභාරකරුට පවරා ඇති අතර ඒ ඒ ඉඩම් අනාගතයේදී යෙදවිය යුතු කාර්යයන් පිළිබඳව ද ඔහු මහාභාරකරුට ලිඛිතව දන්වා ඇත.
රබර් වගා කළ ඉඩමක් වූ රෙජිඬේල් වත්ත ආගමික කටයුත්තක් වෙනුවෙන් භාවිතා කළ යුතු බව සමරකෝන් මුදලිවරයාගේ අවසන් කැමැත්ත වී තිබේ.
(ඡායාරූප ශාන්ත රත්නායක)








COMMENTS
විජේදාස රාජපක්ෂ මේක ආරම්භ කරලා අතරමග නතරකලා. රටේ ජනතාවගේ සල්ලි මෙහෙම නාස්තිකරන්න පුලුවන්ද?
අපේ රට වගේ!
රටේ ප්‍රමුඛතා ව්‍යාපෘති රජය නොවන අය නොදනිති. ඔවුන් නිකරුණේ ජනතාවගේ බදු මුදල් නාස්ති කරති. හාස්‍ය ජනක දෙය නම් මිනිසුන්ට මෙය නොතේරීමයි.
ශාඛ්‍ය කෙසේ වෙතත් ශාක වලට නම් වැඩේ දෙන්න ඇති.
කොතරම් මුදල් ප්‍රමාණයක්ද මේ නාස්ති කරලා තියෙන්නේ?
මේවා තමයි හෙන ගහන අපරාධ කියන්නේ.
බොරු වැඩ... ආගමේ නාමයෙන් මිනිසුන්ව මුදල් ගරන අයට තවත් හොඳයි. බුදුන්වහන්සේ ගේ නියම දර්ශනය සොයා යන්න බලමු..
මහජනතාවගේ බදු මුදල් වියදම් කරලා මේ කරන වැඩ වලට. මේ වියදම් කරන්නෙ අපේ බදු සල්ලි නේද?
මහා භාරකාර තැනට භාරදීමට වඩා නැතිබැරී අයගෙ ප්‍රයෝජනයට දුන්නා නම් ඉතා ප්‍රයෝජනවත් වෙනවා දැන් වෙන්නෙ මේ දෙපාර්තමේන්තුව ඉතා ප්‍රිය මනාප දෙපාර්තමේන්තුව ක් නිසා එහි සියල්ලෝම එම දේපොළ රිසිසේ බුක්ති විදිමයි. ස්ථාන මාරුවක් ගෙන හෝ මෙතැනට පිටතින් කෙනෙකුට එන්න දෙන්නෙත් නැහැ තර්ජනය කරනවා මෙතැනට පැවරී ඇති ලොකු ඉඩකඩම් සුලු වටිනාකමක් යටතේ ලොකු ලොක්කො රහසේ බදු ගැනීම හෝ අත යටින් මුදලක් ගෙන ඉතා අඩු මුදලට දිගුකාලීනව බදු දීමයි කරන්නෙ සොයා බලන්න දැන් මුදල් අවසන් වෙලා ඇති මෙවැනි දේපොළ බදු දෙනවිට ප්‍රසිද්ධියේ කරනවා නම් සුදුසුයි.
අයියෝ; මහජන මදල් නාස්ති වන අයුරු
දේශපාලුවන්ට මෙවැනි ස්ථානවලින් හොරාකන්න, කොමිස් ගහන්න බැරි නිසා ශ්‍රී ලංකාවේ මෙවැනි ස්ථාන මේ තත්ත්වයෙන් පැවතීම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. දැං ඉතිං මේ පුවත දකින දේශපාලුවෙක් නින්දෙන් නැගිටලා බයිලා ගහන්න පටන් ගනීවි.
මොනවද මේ කරන අපරාධ, අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි නේද මේ.?
අපරාදේ සල්ලි. කිසි ප්‍රතිපලයක් නැති දෙයක් කරලා තියෙන්නේ.
කොහොමත් මේවගේ දේවල් දැන් කැලැවටයනවා වැඩියි
කෝටියක, දෙකක විතර වැඩ කෙරිලා තියෙනවා.. ඉතුරු කෝටි 48, ඇමැති සහ අඳබාලයින් ටික ලස්සනට සුද්ද කරන්න ඇති...
ශවේන්ද්‍ර, ඉඩම චීනෙට දීලා ඩොලර් මිලියනයක් ගන්න පුළුවන්ද බලන්න...
ආ... මේක ගිය රජයේ වැඩක්නේ... සර්ට ඒවා කරන්න බෑ.. අලුතින් මොනවාහරි තමයි පුළුවන්...
යහපාලනයෙන් කරපු කිසිම දෙයක් සාර්ථක නැහැ. අන්තිමට කොමිස් ගහලා හොරකළා විතරයි. ඒ වුණාට වහල්ලු සෙට්එක අනිත් අයගේ ඒවා යහපාලනයට දාගන්න එෆ්.බී. එකේ දඟලන හැටි දැක්කාම දුක හිතෙනවා..
වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වේවා, රටේ සම්පත් නිකරුනේ නාස්ති නොවේවා, නිසි ක්‍රියා මාර්ගයකට යොමු වේවා
අපෝ මෙහෙම එව්වා මේ ලංකාවෙන් තොග ගානට හොයා ගන්න පුළුවන් .මේ තමයි ලංකාවේ හැටි .එන එන හැම ආණ්ඩුවේම මේ වගේ බොල් ව්‍යාපෘති වලින් වලින් අපේ බදු මුදල් හොරකම් කරන එක තමයි කලේ .හැබැයි 97% ක් හැමදාම හොරුන්ට දීලා 3%ගෙන් බලාපොරොත්තු වෙනවා රට ගොඩ ගන්න .පව් ඉතින්