
ශ්‍රී ලංකාව තුළ ඖෂධයක් ලෙස කංසා වගාකර අපනයන ආදායමින් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන බව සමඟි ජනබලවේගයේ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඩයනා ගමගේ මහත්මිය මේ වන විට රජයට සහය පළකරන මන්ත්‍රීවරුයක් ලෙස පිළිගැනේ.
ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.
“කංසා අප රට තුළ වගා කරලා, අපිට පුළුවන් මේ ණය බරින් නිදහස් වෙන්න. හැමදාම මේ රට බංකොළොත් කිය කිය ඉන්න විපක්‍ෂයේ අයටත් මට කියන්න තියෙන්නේ, සර් ෆේල්, සර් ෆේල් කියනවා. ඒක තමයි අපි 20 ගෙනල්ලා සර්ට බලය දීලා තියෙන්නේ”
“එය රජ්‍ය මැදිහත් වීමෙන්, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයක් සඳහාම පමණක්, ආර්ථිකය ශක්තිමක් කිරීමට බව එක හෙළාම සභාව හමුවේ නැවත වරක් ප්‍රකාශ කරනවා”
“ලංකාව ඝර්ම කළාපීය රටක් වීම නිසා බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කර ඒවා අපනයන කර විදේශ විනිමය ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. මේ වන විට නීතිවිරෝධී තත්ත්වයේ පවතින, එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යානුකූල බවත් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය වගාවක් ලෙස රාජ්‍ය මැදිහත් වීමෙන් ශක්තිමත් කර විදේශ විනියම උපයාගැනීමට මැදිහත්වීමක් කිරීමට යෝජනා කරනවා”
“අප මෙතෙක් අපනයන කළ තේ, පොල් රබර් වැනි ප්‍රධාන ආර්ථික බෝග අතරට ඖෂධ වගාවන් එකතු කරගැනීම වෙනත් රටවල් සමඟ සැසදීමේදී අවමව වාර්තා වෙනවා”
“ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් අතිවිශාල ආදායමක් ලබනවා. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේදී සියයට දහසකින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යානුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් වෙනවා” යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.
048
COMMENTS
නරකද ලෝකයේ පැරණිම රැකියාවටත් මුල්තැන දීලා සල්ලි ටිකක් හම්බ කළොත්...
ඉතාමත් කාලෝචිත යෝජනාවක්.. යල් පැන ගිය සුද්දගේ නීතිය සුද්දගේ රටවල් පවා වෙනස් කර සකසා නීතිගත කරද්දී අපි තාමත් ගල් යුගයේ ඉඳලා හරිද?
සමගි ජනබලවේගෙට කංසා ගහන්න වෙලා තමයි තියෙන්නේ...
ඊළඟ පියවර තමයි ලංකාවෙන් කාන්තාවන් අපනයනය කිරීම...
මේ කවුරු හරි කියපු කොන්ත්‍රාත් එකක්.. මෙයා දන්නවද දන්නේ නැහැ රට ගොඩ ගන්න නම් මහ එවුන් කරන මහා හොරකම් නතර නොකර මොන මගුල කලත් වැඩක් නැති බව... මෙයාට කියන්න ඕනෑ අපේ රටේ තමයි ලෝකයේ හොඳම කළු රත්තරන් හෙවත් හොඳම මිනිරන් නිධිය තියෙන්නේ... අද ලෝක වෙළඳපලේ එක කිලෝවක් ඩොලර් පන්දාහේ සිට විසිපන්දාහ දක්වා අපේ රටේ පාලකයින් 52 වසරක් ටොන් එකක් විකුණන්නෙ Dollar 2000කට.. ඉගෙන ගනිල්ලා... මේවයි නුඹලා කතාකරන්න ඕනෑ...
දැන් මෙයා සමගි ජනබලවේගයේ නැහැ. පක්ෂය පාවාදීමේ චෝදනාවට එහෙන් පන්නලා දැම්මා. මට හිතෙන්නේ මේ අදහස එයාගේ ඔළුවට දමන්න ඇත්තේ " කරුණා " විසින්...
නියම අදහස ... කොකේන්, මර්ජුවානා වගේ මත්ද්‍රව්‍ය වලටත් ඉතා හොඳ මිලක් ලෝකයේ තියෙනවා. ඒවත් ප්‍රවර්ධනය කරලා අපනයනය කරන්න ක්‍රමවේදයක් ඇති කරන්න මත්ද්‍රව්‍ය ඇමැති කෙනෙකුත් පත්කරලා මුලු රටම ගොඩදාන්න පුළුවන්. ජයවේවා...!!!
මෙතුමිය මේ ඖෂධය භාවිතා කරනවද කියා සැකයක් මතුවෙනවා.... නියමයි.
මේ නෝනා පාර්ලිමේන්තුවේදී ඔය දේ කියන්න ඉස්සරවෙලා ... ඒවා පාවිච්චි කරලා තියෙන බව නම් පැහැදිලිවම පේනවා.
කොහොමහරි වවපල්ලා. ගොඩගියහැකි. මෙහෙම අයද 20ට පක්ෂව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවේ ඉන්නේ...? අනේ මෙහෙමත්... ගැහැණු සංහතියටම අපහාසයක්...
මෙයාට පහත තියන දේ වෙලා වගෙ "නිව් යෝර්ක් හි ග්ලෙන් ඕක්ස් හි සකර් හිල්සයිඩ් රෝහලේ මනෝචිකිත්සක අංශයේ සහකාර ඒකක ප්‍රධානී වෛද්‍ය ස්කොට් ක්‍රකවර් පැවසුවේ “මරිජුවානා භාවිතය හා සම්බන්ධ විශාලතම අවදානම මනෝ ව්‍යාධිය ඇතිවීමේ අවදානමයි. නව යොවුන් වියේදී මරිජුවානා භාවිතා කරන අයට තවත් සැලකිය යුතු අවදානමක් වන්නේ IQ පහත වැටීමේ සම්භාවිතාව වැඩි වීමයි."
හොඳ අදහසක්.
මේවා අහලා හොඳටම හිනා. ලකුණු දාගන්න මෙයත් අනික් අය වගේම නොකියන එකක් නැහැ. හොඳ හොඳ කතා එළිවෙන ජාමෙට... දැනගන්න පුළුවන් වෙයි.
මෙයත් මේ දවස්වල ඉන්නේ ගංජා ගහලා වගේ.
රට පටවා විදේශ විනිමය සොයන්න කියා කන්සා වගා කළොත් එයින් කොටසක් අපේ මිනිසුන් අධිපරිභෝජනය කර තම තමන් විනාශ නෙවෙයි කියා කාටද කියන්න පුළුවන්? කලින් ඔය වගේ දෙන්නෙක් හන්දියක් ගානේ බාර් දාන්න අවසර දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? රටේ තරුණ පරපුර කුඩුවලට ඇබ්බැහි වෙලාද? ඔයාගේ ඔය යෝජනාවෙන් අපේ රටට නම් ප්‍රයෝජනයක් ගන්න බැහැ.
සහමුලින්ම මෝඩ අවවාදයක්...
කොහොමද ටිකිරි මොළේ.. ?
ඒක නම් මරු ...
තව ගොඩක් ක්‍රම තියෙනවා. ඔය වගේ අයට ණය ගෙවනවා නම්...!!!
මේ ගොන් කතාවට ජයලාල් රෝහණ මහත්තයා හොඳ පිළිතුරක් දෙනවා. ඔච්චරම වවලා අපනයනය කරලා ආදායම හොයන්න ඕනෑ නම්...
තමන්ට ඕනෑ කහ ටිකයි, පරිප්පු ටිකයි තාම වවා ගන්න බැහැ. ලෝකයටම කංසා අපනයනය කරන්නයි කල්පනාව...
ඔය කංසා වගා කරන්න එපා. අපි ඉන්දියාවෙන් KG ගේමු. මුහුදෙන්
ඇත්තටම අදහස හොඳයි.... පිටරටවල ‘‘මෙඩිසින් මර්ජුවානා..‘‘ කියලා පර්මිට් එකක් දොස්තරලා සමහර ලෙඩ්ඩුන්ට දෙනවා. එය ඖෂධයක් නිසයි එහෙම දෙන්නේ. කලු රත්තරනුත් පුළුවන් නම් විකුණමු. ඒ ඔක්කොම හොඳ දේවල්. අහිංසක ගැහැණු අරාබියට යවනවට වඩා හොඳයි.
ඔන්න ඔබතුමිය පක්ෂය සජිත් ට කුලියට නොදී කරූ ජයසුරිය මහත්තයට දුන්නා නම් ඔහොම වෙන්නේ නැහැ.
කවුරුවත් ප්‍රවෘත්තියේ 4 වන ඡේදය කියවලා නැහැ. 4 වන ඡේදයෙන් කියන්නෙ “එය රජ්‍ය මැදිහත් වීමෙන්, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයක් සඳහාම පමණක්, ආර්ථිකය ශක්තිමක් කිරීමට බව එක හෙළාම සභාව හමුවේ නැවත වරක් ප්‍රකාශ කරනවා”. පසුගිය රජයේ රට විකුනන ප්‍රතිපත්තියට වඩා මේ අදහස දහස්ගුණයකින් වටිනවා.
මේ අය හිතන් ඉන්නේ ලංකාවේ විතරයි කංසා වවන්නේ කියලා.
පබා 2 මෙයා.
ලංකාව ණය උගුලට හිරකරපු බටහිර යුරෝපා සුද්දන් කීයටවත් ඕක ගන්නේ නෑ..
මෙයාගේ ක්‍රියාවලිය අනුමත කරන්නේ නැහැ... මේ කතාවට මමත් එකඟයි. කංසා කියන්නේ මේ රටේ නිදහසේ භාවිතා වුණු ඖෂධයක්. ඒක තහනම් වුණේ සුද්දගේ නීතියෙන් ... වික්ටෝරියා රැජිණගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ ඔපියම් විකුණන එක. එයාගේ වෙළඳාම රැකගන්න යටත්විජිතවල කංසා තහනම් කළා. ඒ තහනම නිසා අද කංසා භාවිතය උත්සන්න වෙලා. තහනමක් නැති වුණා නම් මිනිස්සු මෙච්චර ගංජාවලට පෙළඹෙන්නේ නැතිවෙන්න හොඳටම ඉඩකඩ තිබුණා. දැන්වත් ඒ ගැන හරියට ක්‍රියාත්මක වෙනවා නම් ආර්ථිකය ගොඩගන්න දෙයක් කරන්න තිබුණා.
මම කිව්වා මේ කාන්තාවට මේ බෙහෙත් දිනපතා පාවිච්චි කරන්න එපා කියලා. බලන්න මොකද වෙන්නේ කියලා.. මේක තමයි ප්‍රතිඵලය.