(මුදිතා දයානන්ද)
කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප‍්‍රශ්නයට සාර්ථක විසඳුමක් නොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ලංකාව ඇතුලූ ආසියාතික රටවල ගෘහාශ‍්‍රිත කසළවල අධික ලෙස ජලය අඩංගුවන නිසා ඒවායින් විදුලිය නිපදවීමට අධික වැයක් දරන්නට සිදුවන බවද ඔහු පැවසීය.
එලෙස දරන්නට සිදුවන අධික පිරිවැය හේතුවෙන් අපේ රටේ කෙරවළපිටියේ හා කරදියානේ ස්ථාපිත කරනු ලබන බලාගාර දෙකෙන් ඒකකයක් රුපියල් 36කට මිලදී ගැනීමට සිදුවන බවද එය සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් මිලදි ගන්නා මිලට වඩා රුපියල් 14කින් වැඩි බවද ඔහු පැවසීය.
එම වැඩිපුර වැයවන රුපියල් 14 මහාභාණ්ඩාගාරයෙන් යෙදවීමට සිදුවීම නිසා රජයට විශාල පාඩුවක් සිදුවන බවද රූපසිංහ මහතා පැවසීය.
මෙතරම් මිලකට විදුලිය මිලදි ගන්නේද යන ප‍්‍රශ්නය නිසා කරදියාන කසල අංගනය ආශ‍්‍රිතව ඉදිවන බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම තරමක් ප‍්‍රමාද වූ බැවින් එය අවසන් කිරිමට වසර දෙකක් පමණ ගතවනු ඇති බවත් කෙරවලපිටිය බලාගාරයේ ඉදිකිරිම් දෙසැම්බර් වල අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රූපසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මහත්තයෝ ඔය කසල ටික විනාශ කරන්න යන වියදම කීයද කියල . ඒ වගේම පරිසරයට කසල හින්ද වෙන විනාශයේ පාඩුව කීයද කියල . එහෙම හිතල බලල ගණන් හදන්නකෝ . එහෙම ගණන් හදල එම කසල බැහැර කරනවට දැන් නගර සබාවල් වියදම් කරන මුදල් ලබාගත්තාම ඔය පාඩුව පියවගන්න පුළුවන් නේද ? අනික පරිසර මත්යන්ශයෙන් තව ගානක් ඉල්ලගන්න මේ කසල ලබාගන්නවාට . එහෙම බැලුවොත් මම හිතන්නේ කසල වලින් තමයි ජනතාවට අඩුම මිලට විදුලිය දෙන්න පුළුවන් . එහෙම කලොත් රටේ ගෙවල් වතු , පාරවල් , ඉඩකඩම් , අල දොළ ගංගා ටික අපිරිසිඳු වෙන එක නැවතුනාම පරිසරයත් සුවදායි වෙනවා . ලස්සන වෙනවා . අපේ හරියේ ඉන්නවා කුකුල්ලු හම ගහන කෙනෙක් . මිනිහ කරන්නේ ඔක්කොම කුකුල් කුණු ටික ගෝනි වල දාල ගඟට දාන එක . එහෙම අයගෙන් මාසිකව ගානක් අයකරලා කුණු ටික ගෙනාව නම් දෙපැත්තටම වැඩේ ලේසියි නේද . පොඩ්ඩක් හිතල බලන්නකෝ ඔක්කොමට බැහ් ගාන්නේ නැතුව . ටයිපිකල් ගවර්න්මන්ට් ඔෆිසර්
ඔයා නගර සබාවලට කියන්න කුණු ටික එහෙ මෙහෙ දාන්නේ නැතුව ඔයාගේ තැනට ගෙනත් දාන්න කියල . එහෙම කරලා නගර සබාවලින් ඒ අයට කුණු විසිකරන්න යන ගාණ ඔයා ගන්න . ඒ එක්කම ඔයා කරන වැඩෙන් පරිසරය ආරක්ෂා වෙන හින්ද පරිසර අමාත්‍යංශයෙනුත් ගානක් ඉල්ලගන්න මහා භාණ්ඩාගාරය හරහා . එතකොට ඔය පාඩු වෙන රුපියල් 14 ට වඩා ගානක් ඔයාට ගන්න පුළුවන් ඒ ගොල්ලන්ගෙන් . එහෙම උනාම ඔයාට පුළුවන් ඔය වියදම් වෙන රුපියල් 36 ට වඩා අඩුවෙන් ජනතාවට විදුලිය දෙන්න . එතකොට වැඩෙත් කෙරෙනවා . කුණු නැති හින්ද රටත් පිරිසිඳු වෙනවා . දිනපතා විශාල ප්‍රමාණයක් කුණු විසිකරන තැන් හොයාගෙන ඒ ස්ථාන වලින් නගර සබාවට පුළුවන් ගානක් අයකරගන්න. විශේෂයෙන්ම හෝටල් , කුකුල් ෆාම් , වගේ තැන් වලින් . ඒ මිනිස්සුත් ලාබයක් ලබන හින්ද කුණු විසිකරන්න ගානක් දෙන්න අකමැති වෙන එකක් නැහැ . කරන්න තියෙන එකම දේ තමයි සියලු දෙනාව දැනුවත් කරන්න ඕන කුණු වෙන්කර බාරදෙන්න කියල . හරිම ලේසියි .
ජලය නැතිව එකතු කරන කුණු වලට ගානක් ගෙවමු
මේ ගොන් වහන්සේට නොතේරෙනදේ තමයි කසල ටික පුච්චලා විදුලිය පාඩුවට හරි දුන්නම රටේ කසල කදු ගොඩගැහෙන්නේ නැහැ කියන එක. නොතේරෙනකම නෙවෙයි, ප්‍රධාන කාරණය කොමිස් නැතිකම.
මෙන්න තවත් බමුණෙක් ප්‍රශ්නය නම් කසල දහනය කර දැමීමෙන් රටේ දැවෙන ප්‍රශ්නයක් වන කසල කළමනාකරණය මොහුට අමතක වීමය හේතුව නම් විදුලිය පුද්ගලික අංශයෙන් මිලට ගැනීමේ මහා ජාවාරමය කෝටි ගණන මහජන මුදල් ගසා කෑමය
ඒකකයක් රුපියල් 36කට මිලදී ගැනීමේදී අපේ සාක්කුවට ඇමති තුමාගේ සාක්කුවට වැටෙන මුදල ගැන නොහිත කුණු ගොඩක් බදා ගැනීමය එය ඉතාමත් පාඩු සහිත වැඩකි
මෙවැනි මතයක් වගකිවයුතු ඔබ වැනි අයෙකු විසින් කිසිම විද්‍යාත්මක පරික්ෂණයකින් තොරවත්, නිවැරදි ලෙස පවතින තත්වයන් සැලකිල්ලට නොගෙන ප්‍රකාශ කිරීම දැඩි ලෙස හෙලා දකිනවා. මෙය කාලයක් තිස්සෙම කියනවා අපිට ඇහෙනවා. ඒ කුමක් සඳහාද යන්නත් ප්‍රශ්නයක්. හොඳින් මතක තබා ගන්න කසල වලින් විදුලිය නිපදවීම අප වැනි රටවලට වඩාත්ම ගැලපෙන නිවැරදි ක්‍රම වේදය බව. ඒ සඳහා වියදමක් යනවා තමයි. එත් ප්‍රතිලාභ වැඩියි.එය පරිසර හිතකාමියි.ගල් අඟුරු මත යැ පිමෙන් යම් යම් පුද්ගලයන්ගේ සාක්කු පිරෙනවා ඇති. එහෙත් එයින් රටට වන්නේ විනාශයක් පමණයි. නුදුරු දිනයකම ඇසිඩ් වැසි වැටීමට ඉඩ තියෙනවා. මිනිසුන් ලෙඩ වේවි. පරිසරය, ගහකොළ, සතා සිව්පාවා විනාශ වේවි. ඔබගේ තර්කයට අනුව අපට ඇත්තේ තෙත් වූ කසල නම් ඒවා වෙන් කොට ලබාගැනීමේ ක්‍රමවේදයන් දියුණු කලයුත්තේද ඔබලාමයි. පර්යේෂණ සහ නව සොයාගැනීම සඳහා තරුණ පිරිසට අතහිත දෙන්න. දියුණු රටවල උදව් ගන්න. නෑ , බෑ , කරන්න බෑ වගේ වචන කියව කියවා ඉන්නවානම් ඉවත්වෙලා කරන්න පුළුවන් තරුණයන්ට වගකීම් පවරන්න. අපි දන්නවා කරන හැටි. ඔබගේ නොදැනුවත්කම ජාතියේ අභාග්‍ය නෙමෙයි.
අපේ රටේ මොන හොඳ දෙයක් කරන්න ගියත් ඒ්කේ සිදුරු දකින ඒක දැන් ජාතියේ ජාන ගත වෙලා. සිංගප්පුරුවේ මේ දේ කරනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව. විනාඩි කිහිපයක් වැය කරලා ඒහි පාලනය සහ සැකැස්ම ගැන ඇති යූ ටියුබ් වීඩියෝ නරඹලා ඉන්න කියලා මම යෝජනා කරන්න කැමතියි. හැමදේම වරදවල් දකින මේ දූපත් මානසිකත්වයෙන් මිදුනේ නැත්තං රටක් විදිහට දියුණුවීම සිහිනයක්.
අවශ්‍ය වන්නේ වංගු දැමීම නොව අලුත් ක්‍රමයකට සිතා ව්‍යපෘතිය කරගෙන යාමයි.
මේ කියන ව්‍යාපෘතියන් සඳහා පූර්ව වාර්තා සකස්කළේ නැද්ද? විදුලි ඒකකයක් නිපදවීම සඳහා යන වියදම් එවිට ආසන්න වශයෙන් ලබා දෙනවනේද ? නැතිනම් ඔක්කොම වාර්තා පසකලා කොමිෂන් වාර්තාව දිහා පමණක් බලලාද ව්‍යාපෘතිය පටන්ගත්තේ?
මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ මුලින් දහනය කලහම ඊට පස්සේ එම රස්නෙන් අනිත් ඔක්කොම දහනය වෙනවා මමත් කුණු පුච්චන උදුනක් හදල තියනවා ඌන වැස්සක කුණු පුච්චනව පිට රට කොමිස් වලට රට පාවල දෙන්න එපා
ඇත්ත කතාව ද නැතිනම් දේශපාලනීකරණය කරපු ප්‍රකාශය ද ??? අපිට කසල වලින් විදුලිය දෙන්න කියලා අපි බල කරන්නේ නැහැ ඒක කසල කළමනාකරණයේ විකල්පයක් විතරයි . නමුත් කසල ප්‍රතිචක්‍රීකරණය කරන්න කියලා අපි කියන්නේ . අඩු ගානේ තමන්ට එකේ පිරිවැය දරන්න බැරිනම් අනන්ත වත් එන විදේශීය සමාගමකට දෙන්න කියලා අපි කියන්නේ . මේ පරිසර ඇමතියා තමන්ගේ කොමිස් මුදල දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවද කරන්නේ ?? විදුලි බල ඇමතිත් හොරා නේ . හරි ව්‍යාපෘතියක් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරලා සුර්ය බල ශක්තිය හදා ගන්න දෙන්නේ නැතුව ඒකත් නැවැත්තුවේ ..චන්දෙ නිසා මේ දවස් වල ආයෙමත් අවසර දෙන්න පටන් අරගෙන ... මෙවුන් එක්කද රට ගොඩ නගන්නේ ....
මොන කොමිෂන් වාර්තාද ? ...ඔව්ව කරන්නේ ලැබෙන හොඳම කොමිස් වාර්තා බලල මිසක්
මේ වගේ නිලධාරීන් මෙවැනි තැන්වල හොඳ නැහැ. නැ බැ කියන්නේ නැතිව කරන්න පුළුවන් විදිහට හොයන්න ක්‍රම. මූලික වියදම වැඩි තමා. නමුත් 1. ලොකු ප්‍රශ්නෙකට පිළිතුරක් ලැබෙනවා. 2.අවරුදු ගණනාවකට පසු මෙම ක්‍රමය වාසිදායක වෙනවා. තමන්ගේ දේශපාලන අවුරුදු පහ විතරක් හිතන්න එපා.
කසවලින් විදුලිබලය නිපදවීම සාර්ථකවී නැත. කසල කඳු ගණන් තිබෙන ඇමෙරිකාවෙවත් කරන්නේ නැති දෙයක්. අන්තිමට සිදුවෙන්න වෙන ඉන්ධන වර්ග යෙදීමයි. කෝටි ගණනක් ආයෝජනය කරන්න කලින් මේ වියාපෘතිය ගැන නැවත සිතා බලන්න.
මෝඩ කතා කියන්න එපා මුලින් දහනය කලහම ඊට පස්සේ එම රස්නෙන් අනිත් ඔක්කොම දහනය වෙනවා මමත් කුණු පුච්චන උදුනක් හදල තියනවා වැස්සක කුණු පුච්චනව පිට රට කොමිස් වලට රට පාවල දෙන්න එපා
ඔය කුණු පුච්චන වැඩේ වියලි කලාපේ අරුවක්කලු කරානම් ඉවරයි එහෙට වහින්නේ හරිම කලාතුරකින්
විදුලි ඒකකයක නිශ්පාදන පිරිවැය වැඩිවෙන්න පුලුවන් හැබැයි ආවස්තික පිරිවැය සැලකුවහොත් ලාභයි. කුනුවල සැගවුනු පිරිවැය ඉතා විශාලයි. හැමදේම මතුපිටින් පෙනෙනදේ විතරක් සලකන එක ලංකාවෙ නිලධාරීන් හැමදාම කරන දෙයක්
මේවගේ සුළු ප්‍රශ්නයක්වත් විසඳ ගන්න බැරි තරමට ලංකාවේ දේශපාලනය සහ පරිපාලනය දුශිතයි. ඒ එක්කම මහා විසාල ප්රෝටින් සහ නියුට්‍රෝන්(Nutrition ) ප්‍රමාණයක් අහක යනවා. සියලුම ඉතුරුවෙන කෑම වේලා(Dehydrate ) කර දෙන ලෙස උපදෙස් දුන්නොත් සෑම පවුලක්ම එහෙම කරනවා.බැරි අයව වටා එසේ කරදෙන වියාපාරයක් ගොඩනේගෙනවා.මේදෙන කොටසේ මහා විසාල වෙළදමය වටිනාකමක් තියනවා.මාළු කෑම,කුකුල්මස් කෑම. ගව අහාර.මගේ ගනන් ගැනීමට අනුව ලංකාව කිරි වලින් සහ ගොඩක් අහාර වලින් පලතරු වලින්,අල,පල,වැල වලින් ස්වයංපෝෂිත කිරීමට මේටික විතරක් හොඳටම ප්‍රමාණවත්.අපේ දේශපාලුවෝ මේක නොදන්නවා නෙවේ.කරන්නේ නැ.ඒගොල්ලන්ට සම්තින්ග් එකක් එන්නේ නැති නිසා.
අර යකඩ මිනිහා මලකඩ කන්නෙත් මුන් එක්ක ඉදල තමයි .
කසල පිළිස්සීමේදී විශාල තාපයක් නිපදවෙනවා . ඒ තාපය පාවිච්චි කරලා අනිත් කසල අවශ්‍ය උස්නත්වයට වියලා ගන්න පුළුවන්. එකයි ඇත්ත කතාව, කව්රු හරි මෙයාට ලනුවක් දීලා වගේ .නැත්නම් මෙයා හදන්නේ රටටම ලනු කවන්න වෙන්න ඇති . නැත්නම් ඉතාම අඩු වියදමකින් විදුලිය නිෂ්පාදය කර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.
විදුලි ඒකකයක නිශ්පාදන පිරිවැය වැඩිවෙන්න පුලුවන් හැබැයි ආවස්තික පිරිවැය සැලකුවහොත් ලාභයි.
මේක හරි සුන්දර රටක් වෙන්නේ මේ හින්දා.අරුවක්කාලු වලට කුණු ගෙනියන්න පටන් අරගෙන ඒක හදලත් ඉවරවෙලා තමයි කුණු ගෙනියන විදිය හොයන්නේ.කාලයකට ඉස්සර ප්‍රංශයෙන් දුම්රිය එන්ජින් ගෙනාවා. ගෙනාවට පස්සේ තමයි දන්නේ ඒවා තාක්ෂණික ප්‍රශ්න හින්ද උඩරට දුවන්න බැහැ කියලා. අමාත්‍යංශ වලට මිලියන ගණන් ගෙවලා ගොඩනැගිලි ගත්තා. අරගත්තට පස්සේ තමයි දන්නේ තව අලුත් වැඩියා නොකර යන්න බැහැ කියලා.චීනෙන් දුම්රිය මැදිරි ගේනවා. ගෙනල්ලා පැත්තකට දමනවා. මොකද ඒවායේ ජලය ගබඩාකරණ ටැංකි නැහැ. ගෙනාවට පස්සේ තමයි දන්නේ ඒක නැහැ කියලා. බිලියන ගණන් වියදම් කරලා කාලගුණ අනාවැකි කියන්න උපකරණ ගේනවා. ගෙනල්ලා හයි කරන්න කන්දකට ගෙනියනවා. එකේදී බිමට වැටිලා උපකරණ වලට හානිවෙනවා. එතකොට තමයි දන්නේ ඒක එතනට ගෙනියන්න බැහැ කියලා. ඔය 3/4 ක් විතරයි. අනිත් හුඟක් ඒවත් ඔහොම තමයි ඉතින්. මේක ඉන්නම හිතෙන රටක්ද? නැත්නම් දමල දුවන්න හිතෙන රටක්ද ?
ගෝඨාභය එනකම් ඉන්නකෝ. වැඩ කරන හැටි කියල දෙයි.
අර ක්‍රිකට් බෝඩ් එක කැම්පස් එකක් හදන්න ඉඩමක් ගත්තා වගේ. කැම්පස් එකක් ඕන කියල හිතුනා ඉක්මනට ඉඩම ගත්තා.හදන බිල්ඩින් ගැන අවුරුදු ගානක් තිස්සෙ තාම අදහසක් නෑ. නිලධාරියෝ ටිකට ඉඩමක් සෙට් උනා. කුට්ටිය කඩාගන්න ආයතනය නමට ඉඩමක් ගත්තා සිද්ධිය සරලයි. ඔහොම වියදම් වැඩී කියල මුලින්ම ඕක හිතුනෙ නැද්ද? සමහරවිට හදලා ඉවර වෙලා කිව්වත් පුදුම වෙන්න එපා.මුලු රටේම කසල එක තැනක ප්‍රොසෙස් කරල විදුලිය වායුවර්ග කොම්පොස්ට් ඔක්කොම කරගන්න ලොකු ෆැක්ට්‍රියකට ලංකාවේ ඉන්ජිනේරුවෙක් දීපු සැලැස්ම බල්ලට දැම්මා පාටලීලා. මොකද කොමිස් නෑනේ.ඒක හැදුවනම් කොච්චර දේවල් රටේම හැදෙනවද? කුණු ගද ගහන්නෙත් නෑ.තව එක්කෙනෙක් ක්‍රමයක් හදලා පේටනුත් අරන් ඉන්නෙ කොම්පෝස්ට් හදන්න කුණු වලින්.ඒකට ඉඩ දුන්නේ නෑ. අන්තිමට තනියම එකක් දාලා කුරුදු වගාවන්ට පොහොර දුන්න අඩුවට. දැන් නගර සභාවෙන් කුණු දෙන්නෙ නෑ පොහොර හදන නිසා.සමාගම් වලට පාඩුයිනේ. මිනිස්සු තවම තමන්ට වැඩක් තියන කෙනෙක්ව පත්කරගන්න බලන් ඉන්නවා. රට විනාශ වුනත් කමක් නෑ. මීහරකෙක්ට රැවටිලා,වහල්ලු වෙලා ආයේ කෙනෙක්ට රට හදන්න එන්න බැරි කරනවා.
පාර්ලිමේන්තුවේ ආසන 225 ආසන 101 ට විතර අඩු කරානම් ඒ සල්ලි වලින් රට ජපානයක් කරන්න තිබ්බ, මේවත් ප්‍රශ්නද.
මෙවැනි ව්‍යාපෘතියකින් කසල සහ විදුලිය යන ප්‍රශ්න දෙකම එකවර විසඳෙනවා.ප්‍රශ්නයක් වෙන්නේ විදුලිබල ඇමතිටයි.එයා පිටරටින් ගෙනා විදුලි ජනකයන්ට වැඩ නැතිවෙනවා,කොමිස් නැතිවෙනවා.මෙවැනි ජඩ නිලධාරීන් ක්‍රියා කරන්නේ ඒ ඇමැතිවරුන්ගේ කීම අනුවයි.රටට වැදුණු හෙණේ ඕක තමයි.
කීයක් ගියත් කමක් නැහැ කුණු ප්‍රශ්නය විසඳන්න තියෙන හොඳම ක්‍රමයක්. ඉගෙන ගත්තට මදි මොලේ තව පැති වලට යොදවල බලන්න. දැන් කී දෙනෙක් වධ විඳිනවද කුණු ප්‍රශ්නය නිසා. කී දෙනෙක් හොරකම් කරනවද ඕක අල්ලාගෙන. අද රු. 36 හෙට රු. 10-15 ගානට බහීවි. වැඩිවෙන තෙල් මිල සහ වෙනත් වියදම් තව ඉහල යාමත් එක්ක.
මේ මාතෘකාව පිළිබඳව ඉංජිනේරුවරයාගේ දැනුම ඉතා අල්ප බව පෙනී යනවා. අද ලෝකයේ තියෙන අලුත්ම ක්‍රමය නම් ජලය අඩංගු කුණු රත් කර ජල වාෂ්පය නිපදවා එය සිසිල් කර පිරිසිදු ජලය නිපදවීමත්, ඉතුරුවෙන වේලුනු කුණු දහනය කර ගෑස් නිපදවා එමගින් විදුලි ජෙනරේටර් ක්‍රියා කර විදුලිය නිපදවීමත්, අනතුරුව ඉතුරුවෙන අළු වලින් බාහිරින් පාවිච්චි කළ හැකි ගඩොල් නිපදවීමත්ය. මෙවැනි දැනුම අල්ප ඉන්ජිනේරුවන්ගෙන් රටට ඵලයක් ලැබෙන්නේ නැත.
මොහු රජයේ තනතුරක් දරන්න සුදුසු නෑ හේතුව මොහුට උකුනෙක්ගෙ තරම්වත් මොලයක් නෑ .ලංකාවේ ඩීසල් වලින් දැවි තෙල් වලින් සහ ගල්අගුරු වලින්ද විදුලිය නිපදවනවා. ඒවා ගෙන්වන්න ඩොලර් පිටරටට යනවා .ඒ වගේම ඒවායෙන් හදන විදුලි ඒකකයක් මීට වඩා මිල වැඩියි .මොහු කතා කරන්නේ පෞද්ගලික විදුලි බලාගාර ව්‍යාපාරිකයන්ගේ මුදලට යට වෙලා