(නිමන්ති රණසිංහ)
පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයකු මරණයට පත්කළැයි කියන සිද්ධියට අදාළව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (6) නියෝග කළේය.
සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ සියලුම චෝදනා ඇප ලබාදිය හැකි ඒවා බැවින් ඔහු ඇප මත මුදාහළ අධිකරණය මරණකරුගේ බිරිඳට අගති විරහිතව රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමට ද නියම කළේය.
ඒ අනුව සැකකරු විසින් අධිකරණයේ දී අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබාදෙනු ලැබීය.
මෙම සිද්ධිය හේතුවෙන් මහජන කැළබීමක් ඇතිවී නැතැයි පැමිණිල්ලේ කරුණු සඳහන් කිරිම අනුව ඇප පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව ඇප නියම කළ අධිකරණය, සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද නියම කළේය.
COMMENTS
ඕවා ඔහොම නොවුණොත් තමයි පුදුමේ.. එක්කෙනෙක් නෙවේ දහදෙනක් යට කරලා මැරුවත් නීතිය ඕකයි.. අනික් දේ මත්ද්‍රව්‍ය අරන් හිටියද කියලා පරීක්ෂණ කරනවා කිව්වා.. ඒ ගැනත් කතා නෑ..
සල්ලි වලට නීතිය නමනවා...
නීතියක් නැති රටක් වෙලයි තියන්නේ...
අපරාදෙ.. ගරු අධිකරණයට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන්න තිබුණු මගඟු සේවාවක් ගිලිහී ගියා.
කෝටි ගණන්වලට තරග පාවලා දෙන අයට ලක්ෂ 10ක් දෙන එක කැලණි ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි.
වෙන මනුස්සයෙක් කරන්නම් අඩුම දවස් 14ක් ඇතුළේ...
සර් දන්නවා නම් ඕවා ඔහොම වෙන්නේ නැහැ. සර් ආවාම නීතිය නමන්න බැහැ..
බින්දුවට ගිහිල්ලා පුරුදු කෙනෙක් 120ට ගියාම අනතුරු වෙනවා.
එතකොට ඔහු කළ වැරැද්දට දඬුවම් නැද්ද? කෑෂ් දුන්නොත් රිමාන්ඩ් කරන්න බැරිද? මොකක්ද මේ රටේ නීතිය...? දෙවියනේ ඔබ කොහේද?
මට නම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ අතින් මුදල් ගෙවන මේ රටේ නීතිය කියලා. මේ වාහනය රක්ෂණය කර නැද්ද? රක්ෂණය කර ඇත්නම්, ඒ සඳහා රක්ෂණ සමාගමේ වගකීම කුමක්ද? වාහනයට පමණක් වන්දි ගෙවීමෙන් මොවුන්ට ගැලවී යා හැකිද? ඇයි මේ ගැන මේ රටේ පාලකයින් හෝ නීතිඥයින් හා ජනතාව කතා නොකරන්නේ? මේ රක්ෂණ සමාගම් "නීතිගත හොරු" නිසාද? විශේෂයෙන් ජනමාධ්‍ය තුළින් කතාකළ යුතු කාලෝචිත මාතෘකාවක් තමයි මේ...
රටේ නීතිය කාටත් පොදුවිය යුතු වෙලාවක ඇයි මෙහෙම වෙන්නේ...? තවමත් බළල් අත් කරකවනවා. මිනීමරුවන්ට සල්ලිබලයෙන් ගැලවෙන්න පුළුවන්.. මෙය වහා වෙනස්විය යුතුමයි.
මේක තමයි ලංකාවේ නීතිය. මත්පැන් පානය කරලද හිටියේ කියලා පරීක්ෂණ කරන්නත් දවස් 2ක් ගත්තා. කෝ ඒ රිපෝට් එක. මේක නම් පුදුම නඩු කාරයින් ඉන්න රටක්...
මං නඩුකාරයා වුණා නම්, අනිවාර්යයෙන් දවස් 14ක් රිමාන්ඩ් කරනවා. රටේ නීතිය හැමෝටම පොදුවිය යුතුයි. පුහුණුවීම්වලට යන්න අවශ්‍ය නම්, බන්ධනාගාරයේ සිට අවශ්‍ය පහසුකම් සපයන ලෙස නියෝග කරනවා.
මටත් පුළුවන් ලක්ෂ 10ක් දෙන්න. බැරි වෙයිද දන්නේ නැහැ මටත්...
අදහස් දැක්වූ සියලු දෙනා අහිංසක මනුස්සයාගේ පැත්ත ගැනීම ගැන සතුටුයි... ආඩම්බරයි. වහලුන් නොවී හරි දේට හරි කියන සමාජයක් බිහිවෙමින් පවතින බව පෙනෙනවා... ඔහොම යන්!!! මේ සමාජ ක්‍රමය ඔබලාටම වෙනස් කරන්න පුළුවන්...
සමහර විට මරණයට පත්වූ පාපැදිකරු මත්පැන් පානය කර, පැයට කිලෝමීටර් 120ක වේගයකින් පැමිණ මෙම වාහනයේ වැදුණා විය හැකියි.
මියගිය පුද්ගලයාගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ 10යි. අපේ රටේ ජීවිත බොහොම ලාභ බවකුයි පෙනෙන්නේ...
ලක්ෂ 10ක් අතේ තියන් පාරේ බය නැතිව ඕන විදිහට වාහනේ එළවන්න පුළුවන්... සෞදියේවත් නැහැ මෙහෙම නීති...
පාඨලී මහත්තයෝ ඔන්න නියම චාන්ස් එක. ලක්ෂ 10ට අඩු ගාණකින් වැඩේ ශේප් කරගන්න හැකිවෙයි. හැප්පිලා මළොත් ලක්ෂ 10ක් දුන්නහම ඉවරයි. තමුන්නැහැගේ වාහනේ හැප්පිලා තුවාල වුණා විතරයි නොවැ...
මම මේ අනතුරේ වීඩියෝ එකක් දැක්කා. ඔහු පැදවූ වාහනය පාරේ දකුණු පැත්තෙන් ගමන් කරමින් තිබුණේ. වම, දකුණ නොදන්නා කෙනා කොහොමද ක්‍රිකට් ගහන්නේ..? මේ අය නිසා තමා අද ක්‍රිකට් වලපල්ලට ගිහිල්ලා තියෙන්නේ...
කාට හෝ කරදරයක් සිදු වුණාම, තමන්ගේ සිත් තුල තිබෙන කුහක වෛරය පිරිමසා ගන්න කරන මේ නිහීන උත්සාහයේ තේරුම කුමක්ද? ඔහු බීමත්ව රිය පදවා සිටි බව පොලිස් වාර්තාවල නොමැති නම්, ඔබලාගේ මනෝ විකාර මෙතන ලිවීම සාධාරණද? අනුන්ට කරන මේ නිග්‍රහයන් ඔබ පසුපසත් යම් දිනෙක පැමිණෙන බව මතක තබාගන්න. මෙවැනි විකාර කාරයින්ගේ නොමනා ක්‍රියාකාරකම් තමයි ලාංකික සමාජයට පිළලයක් වී තිබෙන්නේ... අවශ්‍ය දේ කතා නොකර අනවශ්‍ය දේ දෙඩවීම නිසා අනාගතයේදී, මෙවැනි රිය අනතුරකදී බලපාන රක්ෂණ නීතිමය තත්වයන් හා ඉන් වින්දිතයාට ලැබිය යුතු ප්‍රතිලාභ හෝ වන්දි පිළිබඳව දැනුවත් වීමට නොහැකි තත්වයකුයි ඇතිවන්නේ... අඩුමතරමේ දැන්වත් තමන්ගේ වාහනය රක්ෂණය කරන විට, මෝඩකමට රක්ෂණය කිරීම වෙනුවට, රක්ෂණයේ "පොලිසි" එක පිළිබඳව දැනුවත් වී, වාහනය රක්ෂණය කරගන්න. නැත්නම් මේක තක්කඩින්ටම බිලිවුණු රටක් වේවි...
ලංකාවේ නීතිය ඔහොම තමයි. සල්ලිවලට ඔක්කොම යටයි. ලංකාව මහා අවාසනාවන්ත රටක්... මෙවැනි රටවල් අත්හැර යනවා මිස වෙන කුමක් කරන්නද?
අපේ සර්ට 2/3 දෙන්න ඔක නැති නිසා තමයි සර්ටත් මොකුත් කරන්න බැරි. බලන්නකෝ 2/3 දීලා දීලා අපේ සර්ගේ වැඩ නිකන් වැඩියි වගේ... නීතිය කෙළින් සියලු දෙනාට එකවගේ... කොහොමද එතකොට ... ?
අපරාදේ අවුරුදු 4-5 ස්වයං නිරෝධායනය වෙන්න කියන්න තිබුනේ...
බීලා නෙවෙයි, වම දකුණ මාරු වෙන්න කරටි කැඩෙන්න බීලා. වීඩියො එක දැක්කාම ඕන කෙනෙකුට තේරෙනවා. අනිත්එක ඔය කට්ටිය ඉන්නේ කලබ්වල කියලා දන්න අය දන්නවා.
මැරුණු කෙනා හිරේ යවන්න තිබුණේ අනතුරක් වළක්වා නොගැනීම කියලා. මොනවා කරලා හරි ලක්ෂ 10ක් හොයාගන්න ඕනෑ. එතකොට මොනවා කළත් කවදාවත් හිරේ යන්න වෙන්නේ නෑ.
මිනිහෙක් මරලා, දරු පවුලක් අනාථ කරපු මේ මිනිහට රෑට නින්ද යන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ.
මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ... මෙහි බීමත්ව රිය පදවලා කෙනෙකු මරණයට පත්වුණොත් අවුරුදු 25ක් පමණ අනිවාර්යයෙන් හිරේයනවා.
ඇයි අපිට රට එපා කරවන්නේ?
මැතිවරණය පෙනිපෙනී නැති නීතිය, මැතිවරණය ඉවර වූ කෙසේ බලාපොරොත්තු විය හැකිද?
ජවිපයේ ලාල්කාන්ත, ඔයා දින 14ක් බන්ධනාගාරයේ හිටියා නේද?
මේ මනුස්සයා පිටරටක හිටියා නම් ක්‍රිකට් ගහන්න නෙමේ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යවනවා..
ක්‍රිකට් නීති ඔහෙලාට ක්‍රිකට් ගහන වෙලාවට පමණයි. රටේ මාර්ග නීති රටේ සැමදෙනාම ගෙදරින් පාරට බැස්ස වෙලාවේ සිට පිළිපැදිය යුතුයි. එමනිසා අර මැරුණු පුද්ගලයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වීමට ඉහළම දඬුවම මෙයාට දෙන්න. කව්රු කොහොම කීවත් සිහියෙන් සිටින කෙනෙක් පාරේ වැරදි පැත්තෙන් වාහනය පදවන්නේ නැත. මම කියන්නේ මොහු පදමට බීලා ඉඳලා ඇති.