IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාසල්රි - මවුස්සාකැලේ පිටාර මට්ටමට ආසන්නයි

(හැටන් රංජිත් රාජපක්ෂ)   

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇතිබව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.

කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 4ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 8 ක් දක්වා ආසන්න වි ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවරු පැවසූහ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළයාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බාලාගර වල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදුකරන බව විදුලි බලාගාර ඉංජිනේරුවරු ප්‍රකාශ කළහ.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (20) පස්වරුවේ ස්වයංක්‍රීයව විවෘත වි තිබූ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුව අද (21) අලුයම වනවිට ස්වයංක්‍රීයවම වැසී ඇත.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටිය යුතු බව ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවරු ඉල්ලා සිටිති.



අදහස් (0)

කාසල්රි - මවුස්සාකැලේ පිටාර මට්ටමට ආසන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site