(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවරු පැවසූහ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 21 දක්වාත් මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 46 දක්වාත් ඉහළ ගොස් ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවරු කියා සිටියහ.
පවතින වර්ෂාවත් සමඟ මවුස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදී යටවූ නටබුන් රැසක් මේ වන විට ජලයෙන් යට වෙමින් පවතී.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම 20% දක්වා පහළ වැටී තිබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන් .
පන්සල් කෝවිල් යට කරලද මේව හදල තියෙන්නේ ?