IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


‘‘කිසිම පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න බෑ‘‘

(අජන්ත කුමාර අගලකඩ)

දැනට තිබෙන ඡුන්ද ක‍්‍රමය අනුව කිසිදු පක්‍ෂයකට තවත් කණ්ඩායමකගේ සහාය නැතිව ආණ්ඩු පිහිටුවිය නොහැකි යයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 2010 දී පමණක් එම තත්ත්වය වෙනස් වූ බව ද අගමැතිවරයා කීවේය.

පුවත් කතුවරුන් අද හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා එසේ පැවසීය.

පොහොර හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ආණ්ඩුව සමයේ ගෙන්වූ පොහොර වෙනුවෙන් පොහොර සමාගම්වලට රුපියල් බිලියන 6ක් ගෙවන්නට තිබුණු බවත් ඉන් බිලියන 3ක් කැබිනට් තීන්දුවක් මත ගෙවූ බවත් කීවේය.

පොහොර ප‍්‍රශ්නය ළඟදීම විසඳෙනු ඇතැයි කී අගමැතිවරයා ලබන යල කන්නයේ සිට වී වගාවට පොහොර නොමිලේ ලබාදෙන්නේ යැයි සඳහන් කළේය.

හාල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා හාල් මිල වැඩි කිරීම වෙළෙඳ මාෆියාවක ප‍්‍රතිඵලයක් බව ද පැවැසීය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දුන් දිනයේ එක්තරා ව්‍යාපාරිකයකු සහල් මිල වැඩි කළ බව කී අගමැතිවරයා සහල්වලට රුපියල් 98ක උපරිම මිලක් නියම කළේ ඒ නිසා බව ද සඳහන් කළේය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රාජපක්‍ෂ මහතා ඒ පිළිබඳව සෙවීමට කමිටුවක් පත් කළ බවත් කමිටුවේ නිරීක්‍ෂණ අනුව තීන්දුවක් ගන්නා බවත් සඳහන් කළේය.

සංස්කෘතික අරමුදලේ සහ මහපොළ භාරකාර අරමුදලේ මුදල් විනාශ කර ඇතැයි කී අගමැතිවරයා ඒ පිළිබඳව සොයා බලමින් පවතින්නේ යැයි කීවේය.

රජයේ සංස්ථා සහ මණ්ඩලවලට පත්කරන ලද නව සභාපතිවරුන් ලබන මහ මැතිවරණයෙන් පසුව ඉවත් කරන්නේ දැයි පුවත්පත් කතුවරයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රාජපක්‍ෂ මහතා අදක්ෂ සභාපතිවරුන් ඉවත් කර දක්ෂ අය තබාගන්නා බව කීවේය.

ස්විස් තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනියක සම්බන්ධ සිද්ධිය පිළිබඳ නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා පසුගිය ආණ්ඩුවේ සිටි අය ඊට සම්බන්ධ වී ඇති බවත් ඇයට එක්තරා හෝටලයකින් දුරකතන ඇමතුම් 46ක්ම ලබා දී ඇති බවත් කීවේය.

මේ සිද්ධියට දේශපාලන අනුග‍්‍රහය සම්පූර්ණයෙන්ම ලැබී ඇතැයි ද අගමැතිවරයා පැවැසීය.

මෙම හමුවට සහභාගි වූ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පමණක් කොටුකළ යුතු නැතැයි ද එය සම්පූර්ණයෙන්ම පසුගිය රජයේ අනුග‍්‍රහයෙන් සිදුවී ඇතැයි ද සඳහන් කළේය.

මෙය අරලියගහ මන්දිරයේ සිටි කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දක් බව කී ඇමැති අලූත්ගමගේ මහතා රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, චම්පික රණවක, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට සම්බන්ධ වී ඇති බව ද කීවේය.

අධිකරණයට හා පොලිසියට තිබූ ඇඟිලි ගැසීම් එවකට සිටි අධිකරණ ඇමැතිවරයාත් හිටපු සොලිසිටර් ජනරාල්වරුන් දෙදෙනකුත් තහවුරු කර ඇති බව  අලූත්ගමගේ මහතා පැවැසීය.

අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දක්වමින් පසුගිය රජය අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේ ද යන්න රන්ජන් රාමනායක සිද්ධියෙන් පැහැදිලි වන බව ප‍්‍රකාශ කළේය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විජයදාස රාජපක්‍ෂ මහතා ගෙනා පෞද්ගලික යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් බව පෙන්වීමට විපක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් උත්සාහ ගත් බව කී ඇමැති අලහප්පෙරුම මහතා එය විජයදාස රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් මිස හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාවක් නොවන බව ද කීවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් දක්වමින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයක් ඇතැමුන් විකෘති කර මාධ්‍යවල පළකර ඇතැයි කීවේය.

තමා කීවේ එහි සියයට 70කට තමා විරුද්ධ නැති බවත් ඉතිරි 30ට තමා විරුද්ධ බවත් යයි ඔහු සඳහන් කළේය.

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.

 

 



අදහස් (8)

‘‘කිසිම පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න බෑ‘‘

Kumar Thursday, 09 January 2020 05:23 PM

තනිපක්ෂයකට ආණ්ඩුවක් කරන්න බැරිනම් විරුද්ධ පක්ෂයේ අය කැමැති දෙයක් දීලා සහාය ලබාගන්න වෙනවා. මම අහලා තිබෙන්නේ ඒ කටයුත්තට මුදල් බර ගණනක් වියදම් වෙනවා කියලයි.

:       0       1

piyasiri gunawardena Thursday, 09 January 2020 11:41 PM

මේ කතාව ඔබතුමා කියන්න කලින් යහපාලන රජයේ අගමැති රනිල් මැතිතුමා පළමුවෙන්ම යන්ත්‍රයක් ජප කරනවා සේ පැවසීය. ඔබ තුමන්ද යන්නේ රනිල් මැතිතුමා ගිය අඩි පාරේවීම පුදුම සහගත නොවෙයි.

:       0       1

ගමරාල Friday, 10 January 2020 02:07 AM

අදද ඔබතුමාට මේක මතක් වෙන්නේ ? අපිනම් ඕක හිතලා බොහොම කල්...................

:       0       1

Hudson Friday, 10 January 2020 03:31 AM

අලි බබා සහ හොරු 40 නැවත විකාශනය.

:       0       6

Mela Friday, 10 January 2020 03:48 AM

හා. එම්.සී.සී එක හොඳ නෑ කියලා කිව්වා. දැන් තමයි කමිටු පත් කරන්නෙ අධ්‍යයනය කරන්න. මේ වගෙ මිනිස්සු කොහෙන් පහළ වෙනවද මන්දා. කට්ටිය දන්නේ නැතුව ඇති අපේ රටට මේ වෙද්දි ආරක්ෂක ඇමතිවරයෙක් නැති බව. මේ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නෙ ඒ ආකාරයෙන්. කට්ටියගෙ අලුත් දිග පළල දැනගන්න ටිකක් කල් යාවි. අපි හරි අවාසනාවන්ත මිනිස්සු!

:       0       6

Amula Friday, 10 January 2020 04:32 AM

සමාවෙන්න මට පොඩ්ඩක් හිනාවෙන්න ඕනේ. අදහසක් ලියාගන්න බැරි තරමට හිනා.

:       0       3

Amula Friday, 10 January 2020 04:52 AM

ඔබතුමාලා ඒක දැනගෙන මේ මඩපාරවල් අනික් පක්ෂ වලට දැම්මා නේද?

:       0       7

De Friday, 10 January 2020 08:10 AM

මොන ආණ්ඩුද අගමැතිතුමා ? අපි මේ දවස්වල සින්දු අහන්නෙත් නෑ. අහන්නේ රන්ජගේ හඩපට. මාර ආතල්නේ ඒවා. හිතට හරි සිසිලසක් දැනෙනවා මේ ලංකාවද කියලා හිතෙනකොට. හරියට නිකම් සිතල වතුර වීදුරුවක් බිව්වා වගේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජනපති - කුවේට් අගමැති හමු වෙයි
2025 පෙබරවාරි මස 12 132 0

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්ද


‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘
2025 පෙබරවාරි මස 12 227 1

ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස


ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි
2025 පෙබරවාරි මස 12 127 0

අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.


රිය අනතුරින් තිදරු මව මරුට
2025 පෙබරවාරි මස 12 430 0

යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා


නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක්
2025 පෙබරවාරි මස 12 414 4

නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන


ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට
2025 පෙබරවාරි මස 12 115 0

රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 115 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 907 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site