



(ජේ.කේ.එල් චාමින්ද)
කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහනක් විදේශීය සංචාරකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩැල්ල වෙරළ තීරයේදී අද (03) පැවැත්විණි.
දඩැල්ල ශ්‍රි ශෛල මධ්‍යමාරාම විහාරස්ථානයේ එකමුතු තරුණ බෞද්ධ සංගමය මගින් මෙම කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට එක්ව සිටි විදේශිය සංචාරකයින් විසින් කැස්බෑ පැටවුන් මුහුදු තීරයට නිදහස් කිරීම සිදුකරණු ලැබීය.
එකමුතු තරුණ බෞද්ධ සංගමයේ තරුණයින් විසින් කැස්බෑ බිත්තර සංරක්ෂණය කොට කැස්බෑ පැටවුන් මුදා හැරිමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාංශ වලින් හදනා සුප් ඉතාම ප්‍රනීත වගේම වාජීකරණ ආහාරයක්.
අගේ කළයුතු ඉතාම අගනා සේවයක්... කැස්බෑවුන් ඉන්නා වෙනත් බොහෝ රටවල උන් බිත්තර දැමීම සඳහා පැමිණෙන ස්ථාන දැඩි පරිශ්‍රමයකින් ආරක්ෂා කරනු ලබයි. හැම වසරකම කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන්නේ ඔවුන් කලින් බිත්තර දැමු තැනටමයි. කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් දැක බලා ගැනීමට මෙවැනි ස්ථාන අසලට රාත්‍රී කාලයේදී කිසිවෙකුටත් විදුලි එළියක් හෝ පන්දම් එළියක් රැගෙන ලංවෙන්නට ඒ රටවල වන සත්ව පාලන නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. එවැනි ස්ථාන මුරකාවල් යොදා ආරක්ෂා කරනවා. බිත්තර දැමූපසු මව් කැස්බෑවා ආපසු යන බැවින් බිත්තර හොරකම් කිරීමට මිනිසුන් මෙන්ම උරගයින් වැනි සතුන් උත්සාහ ගන්නා බැවින් මෙවැනි ආරක්ෂාවක් යොදා තියෙනවා. අපේ රටේ වෙරල බඩ කැස්බෑවුන් බිත්තර දාන තැන් එලෙස ආරක්ෂා කරන බවක් පෙනෙන්නට නැහැ. ඇත්තේ සංචාරකයින් සඳහා නිර්මාණය කරන ලද "බිත්තර රැකීමේ ස්ථාන" බවයි පෙනෙන්නට ඇත්තේ. එලෙසින් හෝ මෙම දුර්ලභ සතුන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන සතුටු වියයුතුයි. කැස්බෑවුන් බිත්තර දාන තැන් ආරක්ෂා කර පැටවුන්ට ස්වාභාවික ලෙස ජිවය ලබාගන්නට අවස්ථාවක් ලබාදෙන්නේ නම් වඩාත් වටිනවා...
මෙ සතුන් උෂ්නත්වයට ඉතා සංවෙදි සත්ව විශේෂයක්, නොදැනුවත්ව මෙ කරන වැඩෙන් මෙ සත්තුන්ගෙ අනාගත පරපුර විනාශ වෙනවා,
අප සැම අගය කලයුතු සත් ක්‍රියාවක්. සහභාගිවු සැමට පිං.