IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කැස්බෑවාටත් ශල්‍යකර්මයක්

(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී මාලු දැළකට හසු ව තුවාල වූ  කැස්බෑවෙකුට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ශල්‍යකර්මයක් කර ප්‍රතිකාර ලබා දී තිබේ.

මඩකලපුව වෙරළ තීරයේදී හමුදා නිලධාරීන්ට හමුවී වනජීවී නිලධාරීන්ට භාර දී තිබූ මෙම කැස්බෑවාගේ ඉදිරි වරල් මා දැළට හසුවී කැඩී ගොස් තිබිණි.

පවත්නා අවම පහසුකම් යටතේ වුවද තම සෞඛ්‍ය ඒකකයේදී කැස්බෑවාට ප්‍රතිකාර කළ බව අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 

ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“සතෙකුට ශල්‍යකර්මයක් කරන්න මේ නිරාවරණය වූ ස්ථානය සුදුසු නැහැ. නමුත් මේ කැස්බෑවාගේ ජීවිතය බේරාගන්න කෙසේ හෝ  ශල්‍යකර්මය කළ යුතුව තිබුණා. ශල්‍යගාරයක අවශ්‍යතාවය අපි මීට පෙරත් දන්වලා තිබෙනවා. නමුත් මේතාක් කාලයක් එයට පිළිතුරක් ලැබුණේ නැහැ. මෙලෙසින් ශල්‍යකර්මයක් කිරීම සතාගේ ජීවිතයට හානිකරයි. තුවාලයට විෂබීජ ඇතුළු වී සතා මිය යන්න පවා පුළුවන්. තුවාල වූ මේ කැස්බෑවාගේ ඉදිරි අස්ථි දෙකම කැඩිලා. වරල් නොකපා කැස්බෑවා බේරා ගන්න අපි උත්සාහ කළා. ”

අම්පාර පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා කැස්බෑවාගේ අස්ථි නැවත යථා තත්ත්වයට ගැනීම සඳහා අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේදී එම ශල්‍යකර්මය කළේය. අඩවි ආරක්ෂක කිත්සිරි  මෙවන්, වන සත්ත්ව නියාමක රොහාන් ජිනදාස, කමල් රත්නසිරි, චතුරංග බණ්ඩාර යන නිලධාරීහු ඔහුට සහය වූහ. 


 
 



අදහස් (3)

කැස්බෑවාටත් ශල්‍යකර්මයක්

sandy123 Wednesday, 30 January 2019 06:13 AM

උතුම් ක්‍රියාවට දායක වූ සැමට මගේ හද පිරි ප්‍රණාමය. අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් ලබාදීමට බලධාරීන්ගේ ඇස් ඇරේවා!

:       0       324

yaha Wednesday, 30 January 2019 10:08 AM

අපේ රටේ ඛේදවාචකය මෙයයි. කයිවාරු විතරයි.. අමාත්‍යංශ ලේකම්ලා.. නිලධාරීන් ඇමැතිවරු.. නියෝජ්‍ය ඇමතිවරු. කැබිනට්, රාජ්‍ය මොන නම් වලින් හිටියත් මොවුන් වැඩක් නැහැ. වැඩක් කෙරෙන තැනකට වැඩ කරන්නේ නැහැ. සත්තුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ඔහොම තමයි. පහසුකම් ඉල්ලනවා දෙන්නේ නැහැ. දෙන්න බැරිකමක් නෙමේ.. මේ අය බලන්නේ ගසාකන්න අවස්ථා එනකම් විතරයි... ඉඳගන්න පුටුවක් නැහැ කිව්වොත් දෙන්න නැහැ.. ඒ වුණාට ඊට වඩා ලොකුදේවල් වලට තමයි කෙල හලන්නේ.. කියලා වැඩක් නැහැ.. බිම් මට්ටමෙන් වැඩ කරන අය ටික දවසක් යනකොට එපාවෙලා කළ කිරෙනවා... ඊට පස්සේ හරි මහජන සේවයක් නැහැ.. ලොකුඅය පක්ෂ මාරු කරකර සල්ලි ගන්නවා.. මිනිස්සුන්ට කවදා තේරෙයිද? හරි හමන් අය පාලකයෝ විදිහට පත් කරගන්න...

:       0       161

tikiri Friday, 01 February 2019 10:20 AM

මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ වනජීවියට අයිති වෙන්නේ වල් අලි විතරයි කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site