
(චන්ද්‍රසේන ගමගේ සහ සනත් ගමගේ)
මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව යටතේ අද දහවල් හුංගම පොලීසිය අත් අඩංගුවට ගත් සැකකරුවකු මිය යාමත් සමග ගම්වාසින් රන්න ග්‍රාමීය රෝහල ඉදිරිපිටට පැමිණ කලහකාරි ලෙස හැරිණු බව බව හුංගම පොලීසිය පවසයි.
පසුව කළහකාරී ලෙස හැසිරුණු පිරිස් කතරගම - මාතර ප්‍රධාන මාර්ගය රන්න නගරයෙන් අවහිර කරමින් විරෝධතාවයේ යෙදිනි.
මිය ගොස් ඇත්තේ රන්න නගරයේ පදිංචිව සිටි ප්‍රේමතිලක අමරවීර නම් 62 වැනි වියේ පසු වූ අයෙකි. ඔහු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකි.
පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ අත් අඩංගුවට පත් සැකකරු සිර මැදිරියේ සිටියදී හදිසියේ අසනීප වූ බවත් ඉන් අනතුරව රෝහල් ගත කළ බවත්ය.
තංගල්ල පොලිස් කොට්ඨාශයේ සහකාරි පොලිස් අධිකාරී රත්නවීර එල් අඩස්සූරිය මහතා මිය ගිය අයගේ ඥාතීන් හමුවී සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව කළහකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කර ගැනීමට පොලීසියට හැකි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසිප්පු කාරයෙක් නිසා කලබල වෙලා