IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ‘‘

(එෆ්.අස්ලම්)

ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් දෙමළ ජනතාව ස්ව කැමැත්තෙන් තමන්ට  සිතෙන අපේක්ෂකයෙකු හට ඡන්දය දියයුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 13ක යෝජනාවලිය ප්‍රධාන පක්ෂවල ජනපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමාට කිසිදු අපේක්ෂකයෙකු හට සහාය විය නොහැකි බවද විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි.

ඉහත ඉල්ලීම් 13ට අත්සන් තැබූ දේශපාලන පක්ෂ පහෙහි නියෝජනයක් දරන තමිල් මක්කල් පේරවෙයි පක්ෂයේ (දෙමළ ජනතා සභාව) සිය ස්ථාවරය පිළිබඳ පැහැදිලි කරමින් අද (29) සවස නිකුත් කළ නිවේදනයෙන් මේ බව අවධාරණය කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

‘‘මට ඇඟිල්ල දික්කරල මේ අපේක්ෂකයට ඡන්දය දෙන්න කියල ජනතාව ඉදිරියේ කියන්නට බැහැ.ප්‍රධාන පක්ෂවලින් තරග කරන අපේක්ෂකයින් අතරින් කිසිවෙකු අපි දේශපාලන පක්ෂ 5 ක් විසින් ඉල්ලීම් 13 ක් ඇතුළත් යොජනාවලිය පිළිගත්තෙ නැහැ.

31 වැනිදා තැපැල් ඡන්ද විමසුම සිදුවෙනවා.අපේ ඉල්ලීම්13 මේ කිසිදු අපේක්ෂකයෙකු පිළිගත්තෙත් නැහැ.අපි නිල වශයෙන් ආරාධනා කළ සාකච්ඡාවට කිසිදු අපේක්ෂකයෙකු පැමිණියෙත් නැහැ.මේ ගැන අපි ඊයේ (28) යාපනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය එක්ක කරපු සාකච්ඡාවේදීත් කතා කළා.එහිදි ගිවිසුමට අත්සන් කරපු දේශපාලන පක්ෂ පහටම පොදු මතයකට එන්නත් බැරි වුණා.

මෙනිස තමිල් මක්කල් පේරවෙයි පක්ශය වශයෙන් තමාට කිසිදු සිංහල ජනපති අපේක්ෂකයෙකුට සහාය එන්න කියල කියන්න බැහැ යැයිද එහි සඳහන් කළේය.



අදහස් (33)

‘‘කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ‘‘

isuru Tuesday, 29 October 2019 06:15 PM

ඇයි එහෙම කියන්න කිව්වද? යටින් ගෝඨට සහය දෙන්න කිව්වද?

:       57       1

kamal koyralaThursday, 31 October 2019 02:45 PM

ඔය මස්සිනා කියන දේ කරන්න.

:       0       0

naween Tuesday, 29 October 2019 06:52 PM

දේශපාලකයන්, රාජ්‍ය නිලධාරින් වගේම නොමිලේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාවගෙනුත් ඒකීය භාවය, ව්‍යවස්ථාව රකින දිව්රුම ගත යුතුයි...

:       0       15

Sarath- Tuesday, 29 October 2019 07:58 PM

දුන්නත් නැතත් ගෝඨා දිනුම් !

:       0       73

Raveendra Tuesday, 29 October 2019 08:28 PM

තමන් උපන් මව්බිමට විනකරන මෙවන් දේශද්‍රෝහීන් නැතිකර දැමිය යුතුය. මේ අය රටක සමාජයට සදාකල් පිළිලයකි. තමන් උපන් රටේ තම සහෝදර මහජනතාවගේ බදුමුදල් වලින් ඉහළට ඉගෙනගෙන සියලු සැපසම්පත් ලබමින් මේ අයට සමාජයේ රිසිසේ දුවපැන ඇවිදීමට ඉඩදිය යුතු නැත.

:       0       60

Kumar Wednesday, 30 October 2019 01:57 AM

තමන් කැමති කෙනෙක් නැතිනම් සමහර අය ඡන්දය පාවිච්චි නොකරන එක අලුත් දෙයක් නොවේ. ඇමෙරිකාවේ ඡන්ද පත්‍රිකාවේ අන්තිම පෙළේ තමන් කැමති කෙනෙක්ගේ නම ලියන්න පුළුවනි. සමහර අය තමාගේ සුනඛයාගේ නම ලියන වග මම අහලා තිබෙනවා.

:       0       5

indika Wednesday, 30 October 2019 02:07 AM

ඔයාලා වගේ අයට ඡන්දෙ දෙන අය ඉන්නේ උතුරේනේ...

:       0       7

jayath Wednesday, 30 October 2019 03:05 AM

ඩයස්පෝරාවේ න්‍යාය පත්‍ර යට නටන මේ අයගේ සහයෝගය අපට ඕනෑ නැහැ. නමුත් මේ රටේ, සාමය, සහජීවනය අගයන දෙමළ අය ඉන්න බව මතක තියා ගත්තොත් හොඳයි. තමුන්නාන්සේලා වගේ අයට නිසි තැන ඉතිහාසය විසින් තීන්දු කරාවි...

:       0       5

sam - canada Wednesday, 30 October 2019 03:11 AM

එළකිරි ...!!!

:       0       1

gunda Wednesday, 30 October 2019 03:16 AM

විග්නේශ්වරන් හිටපු මහඇමති.., මෙම රටේ විනිශ්චයකාරවරයෙකු වශයෙන් සිංහල, දෙමළ, මරක්කල යන සෑම දෙනාගේම ගෞරවයට පාත්‍රව සිටිය කෙනෙක්. ජාතිවාදී දේශපාලනයට යොමුවුණු නිසා අද දේශපාලන ලෝකයේ අනාථයෙක් බවට පත්වෙලා සිටින්නේ. දෙමල මිනිස්සු ජාතිවාදියෝ නෙවෙයි. එම මිනිස්සුන්ට නිදහසේ ඡන්දෙ දෙන්නට ඉඩ දීලා ඔබලා පැත්තකට වී බලාගෙන හිටියොත් පෙනෙයි.. දෙමළ මිනිස්සු ප්‍රභාකරන්ට හිතවත් නැහැ. ඔහු නායකයෙක් හැටියට පිළිගත්තේ නැහැ. මිනිස්සු ඔහුට බයෙන් සිටියා පමණයි. ඔවුන් ප්‍රභාකරන්ගෙන් බේරාගත්තේ මහින්ද බව දන්නවා. එමනිසා දෙමළ මිනිස්සු කලගුණ දක්වාවි..

:       1       30

niyaz Wednesday, 30 October 2019 03:18 AM

මේ පාර දෙමළ පක්ෂ යාපනයේ විශ්ව විද්‍යාලය අත් අඩංගුවට අරගෙන තියෙන්නේ. එක නිසා ටී.එන්.ඒ එක කජු කිරි කොල්ලෝ ඉස්සරහ අසරණවෙලා.

:       0       1

p.d goonawardena Wednesday, 30 October 2019 03:21 AM

කාටහරි දෙන්න.

:       0       1

Bamunuarachchi Wednesday, 30 October 2019 03:24 AM

හරියට හරි... කිසිඳු අපේක්ෂකයෙකුට සහාය දෙන්න එපා.

:       1       0

Sarath Wednesday, 30 October 2019 03:46 AM

මිනිසුන්ගේ ඡන්ද අයිතිය මානව අයිතිවාසිකමක්. එක එක්කෙනාට දෙන්න කියන එක මානව අයිතිවාසිකම් කඩකිරීමක්. ඒකවත් නොදන්නා නායකයෝ.

:       1       749

PerakumWednesday, 30 October 2019 04:46 AM

වර්ගවාදීන්, බෙදුම්වාදීන් කියන දේ පිළිගන්න තරම් උතුරේ ජනතාව මන්ද බුද්ධික නොවන බව අපි හොඳින් දනිමු. ජනතා මතය කුමක් වුවත් ඊට ජයවේවා...!

:       0       15

sharm warn Wednesday, 30 October 2019 03:58 AM

දෙන්න පුළුවන් දේවල් ඉල්ලන්න එපෑ. රට බෙදලා දෙන්න කියලා ඉල්ලපුවම කැමති වෙන පාලකයෙක් ඉන්නවා නම් එයාව ඔක්කොටම කලින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා කියල දන්නා නිසා තමයි එකග වෙලා නැත්තේ.

:       0       28

DILUM Wednesday, 30 October 2019 04:22 AM

හලෝ මේ... තමුන්ගේ පක්ෂ ටික එක මතයකට ගන්න බැරිව කොහොමද තමුන්ගේ ඉල්ලීම්වලට වෙන පක්ෂ නම්මගන්නේ? ඇත්ත මේකයි.., තමුන්ලගේ අදහස් මිනිස්සුන්ට වැඩක් නැහැ. එ් මිනිස්සුන්ට රටේ කෑලි ඕනෑ නැහැ. රස්සා ටිකක්, ව්‍යාපාරයක් කරන්න පරිසරයක්, ගොවිතැනට වතුර, ඉස්කෝල පාරවල් දියුණු කරගන්න බලන්න මහ ආණ්ඩුව එක්ක කතා කරලා. නිකන් නොකෙරෙන බෙහෙතකට කෝඳුරු තෙල් හොයන්නේ නැතිව...

:       0       0

jagath Wednesday, 30 October 2019 04:29 AM

දේශපාලනයට මොකටද විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එක්ක සාකච්ඡා, එ්ක නිදහස් අධ්‍යාපනය දේශපාලනය කිරීමක්, ජනතාවගේ මුදල්වලින් නඩත්තුවෙන යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විග්නේශ්වරන්ගේ දේශපාලනය සඳහා යොදාගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. අැයි මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ...

:       0       0

nimalWednesday, 30 October 2019 10:35 AM

දෙමල පක්ෂ බොහොමයක් තියෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අත්අඩංගුවේ...

:       0       0

,යාපා Wednesday, 30 October 2019 04:49 AM

ඔහොම කියලා අවසානයට රට විකුණන එජාප නඩේ එක්ක හොර ගිවිසුම් ගහන බව නම් රටම දන්නවා.

:       2       28

tishan Wednesday, 30 October 2019 05:06 AM

ප්‍රභාකරන්ට සල්ලි දීලා උතුරේ ඡන්ද නැවැත්තුවා වගේ වාසුදේවගේ මස්සිනා අල්ලාගෙන උතුරේ ඡන්ද නවත්වන්නයි උත්සාහය...!

:       40       1

Aspel Wednesday, 30 October 2019 05:25 AM

සහය අවශ්‍යය නෑ. කොහොමත් ඔබට ඕනේ රට බෙදන්නනේ.

:       0       4

Chandana F Wednesday, 30 October 2019 05:52 AM

කාගෙවත් ඡන්දයක් බලකරලා දාන්න පොලොඹව ගන්න බෑ. ඒක මානව අයිතියක්.

:       0       3

සේන Wednesday, 30 October 2019 05:54 AM

මේ අන්තවාදීන් තමයි තමන්ගේ පැවැත්ම උදෙසා අහිංසක මිනිසුන් නොමග යවන්නේ. කොළඹ හැදිලා, කොළඹ ඉගෙනගෙන, කොළඹ රස්සාව කරලා පණ ඇද ඇද දැන් උතුරට පැනලා ජාතිවාදයක් අවුස්සනවා.

:       0       25

සුදු බංඩා Wednesday, 30 October 2019 06:37 AM

හොඳ දෙයක්. අන්තවාදී ඉල්ලීම් ඉවත දමන්න ඕනේ. හැමදාම මෙයාලා කරේ දෙමළ ඡන්ද ඩිමාන්ඩ් කරන එක... සිංහල මිනිස්සු එකතු වෙන්න ඕනේ මේ අන්තවාදීන්ට එරෙහිව...

:       4       218

Deepal Nirosh Wednesday, 30 October 2019 06:49 AM

ඉතාම හිතකර තීරණයක්...

:       0       2

isuru Wednesday, 30 October 2019 07:48 AM

අන්තිමට ගෝඨට දෙන්න කියයි. එතකොට මෙයා දේශප්‍රේමියෙක්. ජාතික වීරයෙක්.

:       2       1

Lebbe Wednesday, 30 October 2019 07:50 AM

මෙයා හිටපු නඩු කාරයෙක්ලු නේද? නීතිය වගේද ජාතිය..?

:       0       2

jess Wednesday, 30 October 2019 07:59 AM

සජිත්ට පක්ෂයි කිව්වොත් රට බෙදන යෝජනාවලට සජිත් එකඟ වුණු බව නිකන්ම අහුවෙනවා. ඉතින් සිංහල ඡන්ද නැහැ. එකඟ වුණු යෝජනා වලින් වැඩක් නැහැ.

:       0       2

lalithm Wednesday, 30 October 2019 08:13 AM

මහජනයා මෝඩයි කියලා හිතන අය උතුරේ සහ දකුණේ දෙකේම ඉන්නවා. පක්ෂ නායකයෙක් කියන පළියට ඡන්දෙ දෙනවා නම් හෝ රැස්වීමේ ඉන්න ඔලු ගණනින් ඡන්දෙ දෙන ගාන කියනවනම් අද ලංකාවේ ආණ්ඩුව කරන්න ඕනේ ජවිපෙ.

:       1       3

ariyaratne Wednesday, 30 October 2019 08:42 AM

ප්‍රේමදාසටත් මහත්තයාටත් තිබුනේ මේ ගතියම තමයි. ඒ නිසා අන්තිමට වන් මෑන් ෂෝ වුණා.

:       0       10

pakeer Wednesday, 30 October 2019 08:42 AM

නොදන්නේ ඔවුන් විතරද? එතකොට සිංහල නායකයෝ.. ඔවුනුත් කියන්නේ අරයට දෙන්න, මෙයාට දෙන්න කියල‍ා... මේ ඔක්කොම දේශපාලනේ දන්නා අය නෙමෙයි..

:       0       3

Amila Wednesday, 30 October 2019 09:12 AM

වාසු මොන පැත්තද? අන්න ඒ පැත්තට තමයි මෙයත් සහයෝගය දක්වන්නේ..!!!

:       19       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28809 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11212 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 689 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site