නිමන්ති රණසිංහ
අධිකරණ භූමියට ඇතුළු වන ස්ථානයේ දී පරීක්ෂාවට ලක් කිරීමේ දී පොලිස් නිලධාරිනියකට බාධා කර සුළු තුවාල සිදු කළැයි කියන නීතිඥවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.
මෙලෙස ඇප මත මුදා හැරුණේ ටී.පොතුපිටිය නැමැති නීතිඥවරියකි.

COMMENTS
අපේ නිතිය තමයි ලොකු අයට හැරෙන තැපෑලෙන් ඇප. නඩු අහන්නෙත් නැතුව කල් මරනවා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.
නීතිය දන්නා අයත් මෙලෙස හැසිරෙනකොට පොදු ජනයා ගැන මොනවට පවසම්ද?
නීතිය දන්නෝ මෙසේ හැසිරිය හැකිද ...// දන්නා නිසා එසේ අවනත නොවද ..// උගතා සහ බුද්ධිමතා යහමින් පැහැදිලිය...// මේ කුමකට නීතිඥවරියක් උනාද ..//
නීති දෙව්දුව ඇස් දෙක ඇරියාදෝ....// තරාදියයි කඩුවයි හුළඟේ ගියාදෝ...// නීතිය ඉගෙන ගත්තේ සාධාරණයටද ...// මිනිසත්බව ලැබුවත් තිරිසන් ගති ආවාදෝ..//
පොතුපිටිය නෝනා මහජාතියෙන්ද, නැත්නම් සුලුජාතියේ කෙනෙක්ද? නීතිය සියලුදෙනාටම පොදුවෙන්න ඕනේ... අපේ රටට මෙවැනි තත්වයක් උදාවෙලා තියෙන්නේ. පොතුපිටිය නොනලා වගේ කට්ටිය නිසා තමයි.
නීතිඥවරියන්ට දැන් නඩු නැති නිසා හරිම කේන්තියෙන් ඉන්නේ, සමහරුන්ට වාහනයක් නැහැ.
ඔය පොතුපිටියලා කොහොමත් බක පණ්ඩිතයෝනේ...