IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොස්තාපල්වරියගේ අත තුවාල කළැයි නීතිඥවරියක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොළඹ මහාධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ සේවයෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කරමින්, ඇගේ අත සූරා තුවාල කළ බව කියන නීතිඥවරියක කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අත්අඩංගුවට ගත් නීතිඥවරිය බත්තරමුල්ල තලංගම උතුර පදිංචි 51 හැවිරිදි තැනැත්තියකි.

මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළුවීමට පැමිණි නීතිඥවරිය තමාව පරීක්ෂා කිරීමට පොලිස් කොස්තාපල්වරියට ඉඩ නොදී ඇගේ අත සූරා එම ස්ථානයෙන් පිටව ගොස් තිබිණි.

පොලිස් කොස්තාපල්වරිය කෙසෙල්වත්ත පොලිසියට මේ බව දන්වා පැමිණිල්ලක් කළ බවද, නීතිඥවරියව පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සැකකාරිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



අදහස් (5)

කොස්තාපල්වරියගේ අත තුවාල කළැයි නීතිඥවරියක් අත්අඩංගුවට

Raveendra Wednesday, 29 May 2019 06:55 AM

මෙම පුවතේ සදහන් කරුණු එලෙසම සිදුවී ඇතිනම් එම ස්ත්‍රිය උගත් කමත් උදද්ච්චකම නලලට ගසා ඇති බවක් පෙනේ. ආරක්ෂක ක්‍රමවේදයන්ද ලොකු උද්දච්චකමද ලොකු.

:       0       130

jim kuruWednesday, 29 May 2019 08:58 AM

රවීන්ද්‍ර මහතා ඔබ හරි මෙවෙන්නන්ට තරාතිරම නොබලා උපරිම දඬුවන් ක්‍රියාත්මක කරන්න

:       0       18

රුවන් Wednesday, 29 May 2019 07:49 AM

පදුරකට ගැහුවත් කලු කොට් කාරයො. මොකට උද්දච වෙනවද

:       0       22

dias Wednesday, 29 May 2019 10:22 AM

පොලිස් කොස්තාපල්වරියකගේ අත සීරු මේ තැනැත්තිය කවුද කියා සොයාබැලිය යුතුයි.

:       0       6

rasika Thursday, 30 May 2019 09:31 PM

පොලිස් නිලධාරිනියගේ ඇත සුරපු එකට හිරේ දල.. එතකොට ඔය පොලිසියෙන් කිසිම වරදක් නැතිව ගුටිකන අය වෙනුවෙන් මොන පොලිස් නිලධාරියවද හිරේ දැම්මේ.. අර අපි දැක්කේ වීඩියෝ එකක් පොලිස්පති සෝපානය ක්‍රියාකරුට කනට ගහනවා.. කෝ ඒවාට හිරේ දැම්මද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site