(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පොලිස් ස්ථානය තුලදී ආධුනික පොලිස් කොස්තාපල්වරියට ඔහු මෙම අතවරය සිදු කර තිබෙන බව කියති.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳව විශේෂ විමරශනයක් සිදු කල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
අපරාධ මැඩලීම දූෂණ වංචා වැලැක්වීම සාමය ආරක්ෂාකිරීම තමන්ගෙ රාජකාරිය කරගත්ත ආයතනයේ ලොක්කා තමන්ගෙ යටතේ සේවයට පැමිණි අයෙකුට මෙහෙම නම් රටේ ජනතාවට කාගේ පිහිටක්ද පොලිස් ඇමතිතුමෝ
මොහු පොලිස් රාජකාරියට සුදුසු නැහැ. කෙළින්ම හිරේ යවන්න..!
මේ ඕ.අයි.සී. කාරයාට හොඳම දඬුවමක් දුන්නා නම් හැදෙයි...