සිතුම් චතුරංග
අංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණ කිලිනොච්චිය තිරුනගර් හි රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වෙත පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු කිලිනොච්චිය ජයන්තිනගර් හිදි අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා ග‍්‍රෑම් 20 යි මිලිග‍්‍රෑම් 620 ක් ද අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අතර එකම පවුලේ පියා සහ පුත‍්‍රයා ද සිටින බවද පොලිසිය පවසයි.
පහරදුන් සැකකරුවන් අත්අඩංගුවටගැනීම සඳහා සිදුකරන විමර්ශන කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා විසින් කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් වෙත ලබාදීමෙන් පසුව සැකකරුවන් ජයන්තිනගර් හි පාලූ නිවසක සඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය 03 වැනිදා රාත‍්‍රියේ අංක තහඩු නොමැති නවීන පන්නයේ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් විසින් රථවාහන රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරුන් දෙදෙනාට පොලූ, මුගුරු වලින් පහරදී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ එම නිලධාරීන් දෙදෙනා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර සිටියේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් කිලිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 62 අතර වයසේ පසුවන්නෝ වෙති.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොස්තාපල්වරුන්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට