
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දීය හමුදාව විසින් සිදුකරන ලද අනපේක්ෂිත වෙඩිතැබීම් වලට ප්‍රතිචාර දැක්වූ බවයි.
පකිස්ථානය දේශ සීමාව ආක්‍රමණය කිරීමට උතුසාහ කළ බවත් එය ව්‍යර්ථ කිරීම සඳහා වෙඩිතැබූ බවත් ඉන්දීය හමුදාව පවසයි.
සිවිල් වැසියන් 06 දෙනකු, සොල්දාදුවන් තිදෙනකු සහ දේශසීමා ආරක්ෂක භටයෙකු මියගිය අය අතර සිටින බව ඉන්දියාව පවසයි.
පකිස්ථානය පැත්තෙන් සිවිල් වැසියන් සිව් දෙනකු හා එක් සෙබලෙකු මියගොස් තිබේ.
සිවිල් වැසියන්ට වෙඩිතැබූ බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කළහ.
ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම කාශ්මීරයට පූර්ණ ලෙස හිමිකම් කියති.
ඉන්දියාව පවසන්නේ පකිස්ථානය, කාෂ්මීර කළාපයේ කැරැල්ලකට ඉන්ධන සපයන බවයි.
නිල දත්ත වලට අනුව මේ වසරේදී ඉන්දියාව හා පකිස්ථානය අතර ගැටුම් වලින් සිවිල් වැසියන් 40 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
රොයිටර් පුවත් ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd