ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෝටර් රථ බෝම්බයකින් 44කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් මිය ගොස් 13දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එම රථයේ කිලෝ 350ක් පමණ පුපුරන ද්‍රව්‍ය තිබූ බවද පිපිරීම සිදුවන අවස්ථාවේ හමුදා බස්රථයේ නිලධාරීන් 39ක් පමණ සිටි බවද ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.
තුවාල ලැබූ නිලධාරීන් ශ්‍රී නගර්හි පිහිටි හමුදා රෝහල වෙත යවා තිබේ.
ජායිෂ් - ඊ- මොහොමඩ් නමැති ත්‍රස්තවාදී කල්ලිය මෙම ප්‍රහාරයෙහි වගකීම භාරගෙන ඇත.
මධ්‍යම විශේෂ පොලිස් බලකායේ රථ 70ක් පමණ ශ්‍රීනගර් - ජම්මු අධිවේගීමාර්ගයේ ධාවනය වෙමින් පැවතියදී ත්‍රස්තවාදීන් විසින් මෙම කාර් බෝම්බය පුපුරවා හැර ඇතැයි වාර්තා වේ.
(එන් ඩී ටීවී ඇසුරිනි)
(16844)



COMMENTS
ඉස්ලාමය සාමයේ ආගමයි...
හොඳ වැඩේ.. අපේ රටේ ආමි එක මැරෙද්දී ඒ අය එල්ටීටීඊයට සපෝර්ට් කළා. හොඳ වැඩේ.. !!!
මටත් මතකයි ප්‍රසිද්ධියේ අපේ හමුදාවට කැත විදිහට ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ දවස්වල අල්ලපු රටේ මිනිස්සු. අද මේ අයට ඒ බිහිසුණු ත්‍රස්තවාදයේ පලවිපාක විඳින්න වෙලා. ලෝකේ සැවොම තේරුම් ගතයුතුයි. ත්‍රස්තවාදයේ බිහිසුණුකම..