(ටී.කේ.ජී.කපිල)

පරිත්‍යාගයක් ලෙස ලැබුණු කොවිෂීල් එන්නත් සහ වෛද්‍ය උපකරන තොගයක්  කටුනායක ගුවන් තොටුපළ වෙත අද රැගෙන ආ බව  ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ " කොවැක්ස් " පහසුකම යටතේ මෙම එන්නත් සහ උපකරණ තොගය එවා තිබුණි .

කිලෝ ග්රැම් 14 ක් බරැති , එක් ඇසුරුමක් ලෙස එවා තිබූ අතර එහි , මිලි ලීටර් 5 බැගින් වූ කොවිෂීල්ඩ් එන්නත් ඇසුරුම් 10 ක් , සිරින්ජර සහ එන්නත් ඉදිකටු තොගයක් ද තිබූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශයේ ප්‍රකාශකවරයෙක් පැවසීය .

මෙම එන්නත් තොගය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 04.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .