
(සුජිත් හේවාජුලිගේ )
ඇතැම් පිරිස් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුදහමුදාපති වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රටේ ආසාදිතයන් සංඛ්‍යාව 600ක් දක්වා සහ මරණ සංඛ්‍යාව 25 කට අඩු මට්ටමක් දක්වා රඳවා ගැනීමට හැකිවී ඇති බවත් මේ තත්ත්වය ළඟා කර ගැනීමට ජනතාව විශාල වශයෙන් කැපවීම් කළ බවත් ඔහු පැවසුවේය.
ඒකරාශී වීම තවදුරටත් වළක්වා ගත යුතු බව පැවසූ යුද හමුදාපතිවරයා ජනතාව උපරිම වශයෙන් සහය ලබා දුනහොත් ලබන මාසය වන විට කොවිඩ් ආසාදිතයන් තවත් අඩු කරගත හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය.
කොවිඩ් අඩුවෙනවාද වැඩිවෙනවාද යන කාරණය ජනතාවගේ හැසිරීම මත තීරණය වන බවද ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
COMMENTS
ඔයාලා දැන් අවුරුදු 2ක් විතර රටේ මිනිසුන්ව හිරකරලා වැඩකරන මිනිසුන්ගේ දාඩියෙන් පින් පඩි අරගෙන ප්‍රභූන් කියන පුද්ගලයින්ගේ කටු ලෙවකකා රට ජාතිය ආගම පාවලා දීලා දැන් මෙහෙම කතා කියන්න එපා.
ලංකාවේ අමුතුම නීති තියෙන්නේ, පොඩ්ඩක් හිතලා බලන්නකෝ ලෝකයේ අනිත් රටවලට, ඒගොල්ලෝ කොරෝන තිබුනද කියලාවත් දන්නෙන්නෑ හොඳට වැඩ.
නිසි වෙලාවට හොඳ එන්නත් ගෙන්වන්න කියද්දීත් චීනාගේ ජරා එන්නත් හදිස්සි භාවිතයට අනුමැතිය දෙනකම් ජනතාවට බාස් පැණි පොවා පොවා හිටිය එක හරිද ?
යුරෝපයේ සහ අනෙක් දියුනු රටවලත් හමුදාව කෝවිඩ් හමුවේ තාවකාලික රෝහල් ඉදිකිරීම, මෘත දේහ ප්‍රවාහනය, හදිසි අවශ්‍යතාව මත ආරක්ශක ඇදුම් කට්ටල ගෙන්වීම ආදී අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වුන. අමුත් ඔවුන්ට කිසිම බලයක් දීලා තිබුනේ නැහැ කොව්ඩ් පිලිබදව මහජනයාට ප්‍රකාශ නිකුත් කරන්න. ඒ දේවල් සියල්ල කලේ ඒ ගැන මනා දැනීමක් ඇති වෛද්‍ය අංශයි . ඒ නිසයි ඉතාමත් භයානකව මේරටවල් පැතිරුනු කෝවිඩ් රෝගය වේගයෙන් මර්ධනය කරගත්තේ. ලංකාවේ සිදුවන්නේ බල්ලාගේ වැඩේ බූරුවා කිරීමේ සම්ප්රදායයි. පලපුරුද්දක් නැති නූගත් නායකත්වයක් යටතේ මෙසේ සිදුවීම නොවැලැක්විය හැකියි.