(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් සිරුරු භූමිදානය සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල තවත් සුසාන භූමි තුනක් සූදානම් කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.
මෙයට අමතරව කොවිඩ් සිරුරු භූමිදානය කෙරෙන මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියට තවත් අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේදී පුළුල් කළ බවද හෙතෙම සඳහන් කළේය.
අලුත් සුසාන භූමි තුන සඳහා යොදා ගන්නා භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව විශේෂ කරුණු අධ්‍යයනයක් කර ගෙන යන බවත් ඔවුන් විශේෂ කරුණු ගණනාවක් එහිදී සැලකිල්ලට භාජන කිරීමට නියමිත බවත් තාක්ෂණික සේවා අධ්‍යක්ෂවරයා කීවේය.
මේ අතර මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියේ කොවිඩ් සිරුරු 2264 ක් මේ දක්වා භූමිදානය කර ඇතැයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
එහි භූමිදානය කෙරුණු වැඩි පිරිසක් මුස්ලිම් භක්තිකයෝ වෙති. භූමිදානය කෙරුණු මුස්ලිම් භක්තිකයන් සංඛ්‍යාව දෙදහස් හැත්තෑවකි.
මෙයට අමතරව හින්දු භක්තිකයන් අනු අට දෙනෙකුද බෞද්ධාගමිකයන් පනස් පස් දෙනෙකු සහ කතෝලික ආගමිකයන් හතළිස් එක් දෙනෙකුද ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමිදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොවිඩ් සිරුරු භූමිදානය සඳහා මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමිය යොදා ගනු ලැබුවේ පසුගිය පසුගිය මාර්තු මාසයේදීය.
COMMENTS
මේ වගේ නිව්ස් දැම්මම ලංකාවට සංචාරකයෝ තියා මනුස්සයෙක් එන්නෑ ආත්මයකට.
දැන් එතකොට, භූමදානය හා ආදාහනය සම්බන්ධයෙන් මේ රටේ බුද්ධිමත් ජනතාවගේ ප්‍රශ්න සහගත විරෝධයක් නැද්ද? සමහරවිට දැන් ඉතින් කාට කාටත් එකට වැළලීමට සිදුවෙලා තියන නිසා, ඔය ප්‍රබුද්ධ වචන අල්ලාගෙන දඟලන එක නවත්වලාවද්ද? ඒ උනාට මම මගේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මාව අනිවාර්යෙන්ම ආදාහනය කොට අළු ටික මුහුදට පා කරන ලෙසයි. නැත්නම් ඉතින් ලබන ආත්මෙත් මේ අඥාන අමනයින් සමගම තමයි එකට ජීවත් වීමට සිද්ධ වෙන්නේ?
මේවා නැවත භාවිතයට ගන්න බැරි භූමි. ලංකාවට එහෙම භූමි නැහැ. ජනගහනය එක්ක. මේ අමන ආගම් මළමිනි වලින් රට විනාස කරනව කාලකන්නි.
@වීර්විජේ ඔයාල වගේ අය තමයි රටටත් මුළු ලෝකෙටත් සාපයක්
එක උඩ එක හෝ එක වලේ කීපයක් වැලලුවොත් ඉඩම් ඉතුරුකර ගන්න පුළුවන්.