(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් මර්දනය සඳහා එන්නත වෙනුවට භාවිත කෙරෙන ප්‍රතිවයිරස කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉහළ අවධානය යොමුවී ඇත.
මෙම ඖෂධ කරල නිපදවනු ලබන්නේ ඇමරිකාවේ මර්ක් ආයතනය විසිනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ මේ කාරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ විද්වත් කමිටුවට දැනටමත් යොමුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් එම කමිටුව නුදුරු දිනකදීම සිය නිර්දේශ ලබා දෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මෙම කරල පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි.
ලෝකයේ රටවල් ගණනාවක් මේ සඳහා ඇණවුම් ඉදිරිපත් කර ඇති බවත් ඇණවුම ඉක්මනින්ම බාර නොදුනහොත් ඖෂධය ලබා ගැනීම ප්‍රමාද විය හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරල ගේනවා නම්, කලින් එන්නත් ගෙනාවා වගේ නොකොට විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන්න. එසේම කරල් ගෙන්වීමේ අවස්ථාව පෞද්ගලික අංශයටත් ලබාදෙන්න. එවිට එයින් රජයේ කරල් හිඟයකින් තොරව දුප්පත් ජනතාව වෙත ලබාදිය හැකියි. අවශ්‍ය අයට මුදල් ගෙවා ලබාගත හැකියි.
මුලින්ම එන්නත, දැන් පෙත්ත... ඔප්පු කරලා තියෙන අපේම බෙහෙත් පාවිච්චි කරන්නකෝ.....
සුද්දෙක් හැදුවත් කරල් විතරක් නෙමේ. වහ වුණත් ගෙනල්ලා මිනිසුන්ට පොවයි. අපේ දොස්තර කෙනෙකු මේ වගේම කරලක් හැදුවා නේද? තීරකය කොමිස් කුට්ටිය තමයි ඉතින්...
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.... කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...
මොනවා ඔට්ටුද??? අර හොරටම තමයි ගේන්න දෙන්නේ.