(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා බැංකුව මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි 196 කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 30වැනිදා රැස් විය.
ලංකා බැංකුව 2019 වර්ෂයේදී රුපියල් කෝටි 2960 ක වාර්ෂික ලාභයක්ද 2020 වසරේදී රුපියල් කෝටි 2355 ක ලාභයක්ද උපයාගෙන ඇතැයි මෙහිදී සඳහන් විය.
කොවිඩ් 19 වාතාවරණය මධ්‍යයෙහි දේශීය බැංකුවක් මෙලෙස මෙම ලාභ ඉපයීම රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා ව ඇගයීමට ලක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ලාභ ලැබීම හොඳ තත්වයක් වුවද මේ අවස්ථාවේදී පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන්ට සහන සැලසීමට බැංකුව කටයුතු කළ යුතු බවයි.
මීට අමතරව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ප්‍රකාරව රජය විසින් මුද්‍රණය කරන ලද 2017.10.26 දිනැති අංක 1ක 2042/21 දරන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2228/833 දරන ගැසට් නිවේදනයටද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය.
මෙම රැස්වීම පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයටය.
මෙම කාරක සභා රැස්වීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර් .ආටිගල,ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුමි ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග හා කොව්ඩ් රෝග පාලනය පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න දෙයක්ද? තැන්පතුකරුවන්ට අඩු පොලියක් ගෙවලා ඒ ගොල්ලෝ ලාභ උපයලා තව ලැජ්ජා නැතුව කියනවා...
නෙදකින්. ලැජ්ජාවක් නැති හැටි මේක කියන්න. මිනිසුන් මුලාකරන බෙල්ල මිරිකලා හම්බකරන බැංකු අවශ්‍ය නැහැ .තමා උපයන මුදල් වලක දාල ගෙදර තියාගන්න පුළුවන් තත්ත්වයක් සමාජයේ තිබ්බනම්.