(සුජිත් හේවාජුලිගේ )

මෙරට භාවිත කරන කොවිඩ්  මර්දන එන්නත් පහක  ශක්තිය (කාර්යක්ෂම ප්‍රතිදේහ සෑදීමේ හැකියාව) පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද  සහ සෛල  ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක්  සමත්වී ඇත.

මේ පරීක්ෂණය අනුව මාස තුනකින් පසු වැඩිම ප්‍රතිශක්තියක් ( කාර්යක්ෂම ප්‍රතිදේහ) ගොඩනැගී තිබුණේ මොඩර්නා  එන්නත  ලබා ගත් පුද්ගලයන්ගේය.

ඊට පසු ඇස්ට්‍රාසෙනිකා සහ  ස්පුට්නික් එන්නත  ගත් අයගේ ශරීරයන්හි  එක සමාන ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැංවී තිබූ බව පෙනී ගියේ යැයි  ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා පැවැසීය.

මාස තුනකින් පසු අඩුම  ප්‍රතිශක්තිය ( කාර්යක්ෂම ප්‍රතිදේහ) ගොඩනැංවී තිබුණේ සයිනොපාම් එන්නත  ලබාගත් පුද්ගලයන්ගේ  බවද හෙතෙම සඳහන් කළේය.

මාස තුනකින් පසු කාර්යක්ෂම  ප්‍රතිදේහ ගොඩනැංවි ඇති  ආකාරය පිළිබඳ  සොයා බැලීම සඳහා එම පර්යේෂකයන් මෙලෙස යොදාගෙන තිබූ එන්නත් වර්ග පහ වන්නේ  මොඩර්නා, ස්පුට්නික් 1, ස්පුට්නික් 2, ඇස්ට්‍රාසෙනිකා සහ සයිනොපාම්ය.

මෙරට වැඩියෙන්ම භාවිතවූ සහ   භාවිතවන එන්නත්  වර්ග වන්නේද මේවාය.