(සුජිත් හේවාජුලිගේ)
කොළඹ කොවිඩ් මර්දන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන නැති විසි දහසකට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
එම පිරිස් විවිධ හේතු මත කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නැතැයිද ඇය සඳහන් කළාය.
විවිධ ආගමික හේතු, එන්නත් කටුවලට ඇති බිය,තමන් වැඩි කැමැත්තක් දක්වන එන්නත් පැමිණෙන තුරු බලා සිටීම වැනි හේතුද මේ අතර ප්‍රධාන යැයි පැවසූ ගුරුගේ මහත්මිය එන්නත හැකි ඉක්මනින්ම ලබාගන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය.
කොවිඩ් මරණවලින් වැළකීම සඳහා එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවද ඇය කීවාය.
එන්නත් මෙතෙක් ලබා නොගත් පුද්ගලයන්ට එන්නත ලබාදීම සඳහා කොළඹ නගරයේ විශේෂ ජංගම සේවාවක්ද අරඹා ඇතැයි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළාය.
COMMENTS
වැක්සින් ගැහුවත් නැතත් අසනීපයක් වයස මේ දේවල් එකතු උනාම මැරෙනවා .දැන් අලුත්ම ව්‍යාපාරය වැක්සින් සහ කොරෝනා .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ජාවාරමක් .එදත් මිනිස්සු මැරුණා .හැබැයි මීඩියා වලට දැන්වගේ පැයෙන් පැයට දුන්නේ නෑ .එකයි වෙනස
ඉක්මනින් එන්නත ලබාගන්න.