(තිළිණි ද සිල්වා)
මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අත්හිටුවා තිබූ වාණිජ ගුවන් ගමන් 22 වැනිදා සිට ආරම්භ කිරීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියා සිටී.
එරට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව මම රටවල් සදහා යළි ගුවන් ගමන් ඇරඹෙන බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලනය සහ පාකිස්තානයට සිය වාණිජ ගුවන් ගමන් ඇරඹෙනු ඇත.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කුවේට් රාජ්‍ය විසින් පසුගිය දා රටවල් කිහිපයකින් ගුවන් යානා පැමිණ වීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
එම වානිජ ගුවන් ගමන් හරහා කුවේටයට පැමිණෙන එම රටවල සංචාරකයින් කුවේටයේ අනුමත කෙරෝනා මර්දන එන්නත් වන ෆයිසර්-බයෝඑන්ටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා, සීනෝෆාර්ම්, සිනොවාක් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ හා එක් මාත්‍රාවක් ලබා ගත් අයට එරටට අවසර ලැබේ.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
823
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් තහනම ඉවතට