(ටී.කේ.ජී.කපිල)
කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10) යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.
මෙම පිරිස අතරින් දින 10 ක් පමණක් කුවේටයේ රැදී සිටි තරුණයින් 29 දෙනෙකු ද අද (10) අලුයම 2.10 ට කුවේට් සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .
මොවුන් ඉකුත් 5/31 දින ශ්‍රී ලංකාවෙන් කුවේට් වෙත ගොස් ඇත්තේ එරට ආහාර නිෂ්පාදනය කරන ආයතනයක සිය නිෂ්පාදන යතුරුපැදි මගින් බෙදාහරින යතුරුපැදි ධාවකයන් ලෙස සේවය කිරීමටය.
මෙම කණ්ඩායමටම අයත් තවත් තරුණයන් 30 දෙනෙකු ද ඉකුත් 6/04 දින කුවේටයේ පෙර සඳහන් ආහාර නිෂ්පාදන ආයතනයේ යතුරුපැදි ධාවකයන් ලෙස කටයුතු කිරීමට එරට යවා තිබිණි. ඔවුන් එක් දිනක් පමණක් කුවේටයේ ගතකර එනම් 6/05 දින කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබිණි.
මෙම තරුණයන් සියලු දෙනා කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදේශ රැකියා ඒජන්සියක් මගින් කුවේට් වෙත යවා තිබේ.
මෙම තරුණයෝ 59 දෙනා බදුල්ල, මන්නාරම, මහනුවර, යාපනය, කොළඹ ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් අතුරින් 15 දෙනෙකු මුස්ලිම් ජාතික තරුණයන් වන අතර, ඉතිරි 44 දෙනා සිංහල ජාතික තරුණයෝ වෙති.
මෙම පිරිස අතර සිටි රෝගී තත්වයෙන් පසු වූ හෙයින් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වසරකට උ. පෙළ ලියන 60% තාක්ෂණික උපාධි ධාරීන් බවට පත්කළ යුතුය. ඉතුරු අය ජර්මන් ටෙක් වැනි ලොව පිළිගත් ඩිප්ලෝමාධාරින් බවට පත් කළ යුතුය.
රතන හාමුදුරුවන්ට උපවාස කරන්න හොඳ අවස්ථාව... බහුතරය සිංහල බෞද්ධ නිසා...