IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කුවේටයේ සිටි ගෘහ සේවිකාවෝ 46 ක් ආපසු එවති

(ටී.කේ.ජී.කපිල)
 
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු  අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
 
මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර, ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වූහ .
 
ඔවුන් සේවය සඳහා ගොස් සිටියදී, නිවෙස් හිමියන්ගෙන් වූ හිරිහැර තවදුරටත් ඉවසාගත නොහැකිව එම නිවෙස්වලින් පැන යමින් සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන් විසින් රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර, ඉතිරි 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වූහ.
 
ඔවුහු අද(14) දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
 
ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මගින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවෝ පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහ.
 
ඔවුහු ශ්‍රී ලංකා විදේශ  සේවා නියුක්ති කාර්යාංශයේ, ගුවන් තොටුපළ කාර්යාලයේ මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.



අදහස් (1)

කුවේටයේ සිටි ගෘහ සේවිකාවෝ 46 ක් ආපසු එවති

eresh S kumara Friday, 14 February 2020 06:04 AM

අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් යන්නේ කුරුණෑගල සහ අනුරාධපුර රැකියා නියෝජිත කාර්යාල හරහා. ඒ කාර්යාල වලිනුත් ගෘහ සේවයට යන ස්ථාන ගැන සොයා බලනවා නම් මෙච්චර දුරදිග යන්නේ නෑ. අනිත් කාරණය තමයි මනා පුහුණුවකින් පසුව අලුතෙන් යන ගෘහ සේවිකාවන්ට මෙතරම් ගැටළු නෑ . බොහෝදුරට නිවෙස්වලින් පනින්නේ රට ගැන හොදට දන්නා කියන අය තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 341 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1624 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site