(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
කලා මණ්ඩලයේ සභාපතිවරයාට දැනට ගෙවනු ලබන රුපියල් 15,000 ක මාසික දීමනාව රුපියල් 50,000 දක්වා වැඩි කිරීමටත් ,රුපියල් 15,000 ත ඉන්ධන දීමනාවක් ගෙවීමටත් යෝජනා වී තිබේ.
කලා මණ්ඩලයේ උප සභාපතිවරයාට දැනට මාසික දීමනාවක් නොගෙවන අතර ඔහුට රුපියල් 30,000 ක් සහ රුපියල් 10,000 ක මාසික ඉන්ධන දීමනාවක් ගෙවීමට යොජනා වී තිබේ.
කලා මණ්ඩලයේ නව ලේකම්වරයා සඳහා ගෙවනු ලබන රුපියල් 10,000 මාසික දීමනාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.
මේ අතර මණ්ඩලයේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අනුමණ්ඩල රැස්වීම් සඳහා ගෙවනු ලබන දීමනාද වැඩිකිරීමට යෝජනා වී තිබේ.
COMMENTS
ලක් ජනතාවට නත්තල් සීයා වේලපහින් ඇවිත් වගේ දීමනා පිට දීමනා ලැබෙන්නේ. ඡන්දෙත් ඉතින් ළඟ නේ...
ඇත්තටම හොඳ වැඩක්. රුපියල් 10,000, 15,000 පඩි ගන්නවට වඩා හොඳයි පාර අයිනේ කඩල බේසමක් තියාගෙන විකුණනවා. ඒ මිනිස්සු රස්සාවක් කරලා මාසේ අන්තිමට ඔය වගේ මුදලක් අතට අරගෙන ළමයෙකුට පොතක් පතක්, ඇඳුමක්වත් අරන්දෙන්න පුලුවන්ද? පුදුමයි ඔච්චර කල් ඕක කරගෙන හිටියා.
මුදල් සොයන්නේ නැතිව තියෙන මුදල් බෙදාදීමකුයි මේ වෙන්නේ...
ඡන්දෙත් ළඟයි නොවැ...........