IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාල බෝම්බය තිබූ වෑන් රියේ ආසන පේලිය කල්මුණෙන් සොයාගනී


 
තරිඳු ජයවර්ධන
 
කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අසල තිබී පුපුරා හරින ලද වෑන් රථයේ  කාල බෝම්බය සවිකර සකස්කර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පිහිටි තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව කියන පිරිසකට අයත් ආරක්ෂක නිවස්නයකදී  බවට රහස් පොලිසිය සැක කරයි.
 
එම වෑන් රථයේ තිබී ඉවත් කර ඇති පිටුපස ආසන පේලිය කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට සමත් වූ බව රහස් පොලිසිය කියයි. 
 
කොච්චිකඩේ පල්ලියේ බෝම්බය පිපිරී පැයැකින් පුපුරා යාමට වේලාව සකස් තිබුණු බව කියන එම වෑන් බෝම්බය පුපුරා ගොස් නැත්තේ එහි විදුලි සැපයුම නිසි පරිදි සම්බන්ධ නොවීම නිසා බව පොලිසිය සැක කරයි. රෙදි සෝදන යන්ත්‍රයක ටයිමරයක් උපයෝගී කරගෙන මෙම බෝම්බය අටවා තිබුණු බව පොලිසිය කියයි.
 
පල්ලියට මීටර 80ක් දුරින් එම වෑන් රථය නතර කර තිබී ඇති අතර කොච්චිකඩේ බෝම්බය පුපුරා ගොස් පැයක් යද්දී එය දැකබලා ගැනීමට පැමිණෙන්නන් රැස්වන්නේ මීටර ගණනක් ඈතින් වීම නිසා එලෙස රැස්වන පිරිස ඉලක්ක කර මෙම බෝම්බය පුපුරා යාමට වේලාව සකස් කර තිබී ඇති බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.
 
එළියේ සිට වෑන් රිය දෙස බැලූ විට හොඳට පෙනෙනා ආකාරයට දහසේ කොල කිහිපයක් පෙනෙන්නට දමා තිබී ඇති බවත්, එහි එක් කොනකට වන්න තුවායක් ද දමා තිබී ඇති බවත්, දහසේ කොළ ගැනීමට දොර විවෘත කළහොත් හෝ තුවාය ඉවත් කළහොත් බෝම්බය පුපුරා යන පරිදි වෑන් රිය තුළ එය සවි කර ඇති බවත් පොලිසිය පවසයි.
 
කිලෝ 12.5 ගෑස් ටැංකි තුනක් ද සවි කර සකස් කරන ලද මෙම වාහන කාල බෝම්බය නියමිත වේලාවට පුපුරා ගියා නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබුණු බව ද පොලිසිය සඳහන් කරයි. 
 
කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බය පුපුරා ගොස් දින දෙකකට පමණ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම වෑන් රිය සොයා ගත් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එය පුපුරුවා හැර නිෂ්ක්‍රීය කරනු ලැබීය.
 



අදහස් (0)

කාල බෝම්බය තිබූ වෑන් රියේ ආසන පේලිය කල්මුණෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site