



(කුෂාන් ජයවර්ධන)
කලාවැව හදිසි වාන් දොරටු දෙක අද (10) සවස අඩි 3 බැගින් විවෘත කළ බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.
කලාවැවේ වාන්දොරටු විවෘත කිරීමත් සමග එමගින් මේ වනවිට කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 3398 ක් වේ.
මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 3884 ක පමණ ප්‍රමාණයක් දඹුලු ඔය ඇතුලු මුලාශ්‍රවලින් කලා වැවට ලැබෙමින් පවතින අතර තවදුරටත් වැසි තත්ත්වය පැවැතියහොත් අද (10) රාත්‍රියේ එම වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බව කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.
එබැවින් අවධානයෙන් පසුවන ලෙසද එම කාර්යාලය කලා ඔය දෙපස පදිංචිකරුවන්ට දන්වා සිටී. කලාවැව වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසළදී ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණහිට ඇති අතර ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට පවසයි.
ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග මේ වනවිට කලා වැවේ ජලධාරිතාවය අක්කර අඩි 86000 ක් ඉක්මවා තිබේ.
2025 නොවැම්බර් මස 04
89
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කලාවැවේ වාන් දොරටු ඇරේ