(යොහාන් භාසුර සහ නිමන්ත රණසි්‍ංහ)
කොල්ලුපිටිය, උත්තරානන්ද සහ රොටුන්ඩා මාවත්වල අද (19) පෙරවරු 6.00 සිට වාහන ධාවනය එක දෙසකට පමණක් සීමා කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
උත්තරානන්ද මාවතේ එක තීරුවක් සංවර්ධනය කිරීම නිසා මෙම සීමාව පනවා ඇති බවත් ඒ අනුව රොටුන්ඩා මංසන්දියෙන් ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දූල් මාකන් මාවත දෙසට බවත් පොලිසිය කියයි.
සර් ජේම්ස් පීරිස් මාවතෙන් පෙරහැර මාවතට ඇතුළු වන රොටුන්ඩා වට රවුම දෙසට ගමන් කළ නොහැකි අතර වාහන ධාවනය කළ හැක්කේ ගාලු පාරේ සිට රොටුන්ඩා වටරවුම දක්වා පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙය ගූගල් සිතියම්වල දක්වන්න. ටැක්සි සේවා සහ අනෙකුත් දේවල් ඉබේම සැකසෙනවා...