(පුෂ්පකුමාර ජයරත්න)
පොල්ගහවෙල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොඩවෙල පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් ඇතැයි පොලසිය කියයි.
අද (11) අලුයම මෙම සිදුවීම වී ඇති අතර පැමිණි කොල්ලකරුවන් ඉන්ධන පිරවුම්හලේ මුදල් කොල්ල කා පලා යද්දි කළ වෙඩි තැබීමකින් සේවකයා මිය ගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙඩි තබා ඇති අතර, කොල්ලය වැළැක්වීමට උත්සහ දැරූ සේවකයා වෙඩි පහරින් මියගොස් ඇත.
අරණායක පදිංචිකරුවෙකු වන බී.පී.කුමාරසිංහ නමැති 27 හැවිරිදි තරුණයෙකු වෙඩි පහරින් මිය ගොස් තිබේ.
COMMENTS
මෙවැනි දේ වලින් වෙන්නේ රෑට පෙට්‍රල් ෂෙඩ් වහන එක. මෙවැනි දේවල්වලට කරන්න ඕනෑ. මංකොල්ලකාරයින් හොයාගෙන ආයුධ පෙන්නන්න එක්කරන් යන එක. දැන් සීසීටීවී බොහෝමයක් ගෙවල්වල සහ කඩවල තියෙන නිසා අල්ලගන්න එක අමාරුවෙන්නේ නෑ...
දිනෙන් දින අවනීතිය රජකිරීම වැඩිවෙන මෙවන් පරිසරයක අපගේ අදහස් ම්ලේච්ඡ ලෙස වැඩිදෙනෙකු පිළිගනු ඇත. නමුත් මෙවන් අපරාධවලට පිළිතුරු දිය යුත්තේ අපරාධවලින් බැවින් පාතාලයන් යයි කියන නිවටයන් දුටුතැන සමාජයෙන් අයින්කිරීම කළ යුතුයි. මේ වගේ මුරුගයින් ගාල්කර මිනිසුන්ගේ බදු මුදල්වලින් නඩත්තු කිරීමත්, දියවන්නාඔයේ 225ක් නඩත්තු කරනවා හා සමානයි... එසේ ගාල් කිරීමෙන් සමාජයට අවැඩක් වෙනවා මිස හොඳක් නම් නැතිබැවින් එලෙස කිරීම සුදුසු බව අපගේ හැඟීමයි.
ඕකට කියන්නේ මෝඩකම.. තුවක්කුවක් තියෙන මිනිහෙකුට අවනත වෙලා පස්සේ එයාව අල්ලන එක තමයි නුවණැතිකම.. ලංකාවේ මෝඩ හරක් බොරුවට චණ්ඩි වෙන්න යනවා.