
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායන ශිල්පියකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණ ශිල්පියකු වූ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ 78 වන ජන්ම දින සැමරුම ඊයේ ට (3) යෙදී තිබූ අතර ඒ නිමිති කරගනිමින් මහරගම, තලපත්පිටිය ප්‍රදේශයේ ඇති ඔහු ජීවත් වූ නිවස පිහිටි මාර්ගය ”ක්ලැරන්ස් විජේවර්ධන මාවත” ලෙස නම් කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය අතින් එම මාර්ගයේ නාම පුවරුව විවෘත කෙරිණි. ක්ලැරන්ස් විජේවර්ධන මහතා දැයෙන් සමුගෙන මේ වන විට වසර 25 කි.
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අතර කලාකරුවන් වන රජීව් සෙබස්තියන්, ජානක වික්‍රමසිංහ, ලිලන්ති කරුණානායක, විජේ කොරයා, ආරියසිරි විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
-
පහු වෙලාවත් මෙවැනි දෙයක් කිරීම සතුටට කරුණක්...
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය....
සින්දු කියන අයගේ විතරක් නොවෙයි බයිලා කියන අයගේ නම්වලිනුත් පාරවල් නම්කරමු. ඇයි කවි, විරිදු? කවියන්ට කියන්නේ මහා කවි අහවලා කියා නේද? අපි පව් කියලාත් හිතෙනවා.
ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයලා වගේ සැබෑ කලාකරුවන් වෙනුවෙන් මාවතක් නම් කරන එක අගය කල යුතු යහපත් ක්‍රියාවක්... එ්ත්, දැන් ඉන්න නලාකාරයින් නම් එතුමන් වෙනුවෙන් නම් කළ මාර්ගයේ යන්නවත් සුදුස්සන් නොවෙයි. අපි නම් දැන් ඉන්න දේශපාලන වන්දි භට්ටයින්ව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ මුග්ධ කලාවෙන් අපට ඇති වැඩක් නැහැ. ඒ වෙනුවට විදේශීය නිර්මාණ රසවිඳීමට අප දැන් හුරුවෙලා...
මෙයට මූලික වූ හැමෝම විශිෂ්ඨයි.
ලංකාවේ නොඉපදී බටහිර රටක මොහු ඉපදී තිබුනානම් සංගීත ලෝකයේ පෙරලිකාර පුද්ගලයෙක් වන්නට තිබුණා. අපේ රටේ බොහෝ කලා කරුවන්ට ඔවුන් ජීවත්ව සිටින කාලය තුලදී නිසි ඇගයීම් හිමිවන්නේ නෑ. මේ නිහතමානී මිනිසාට මෙවන් හෝ සමරුවක් ලැබෙන්නේ මියගොස් වසර 25කටත් පසුවයි.
ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තාමත් මල් ශාලාවෙලු. කෝ අර කියපු අමරදේව මධ්‍යස්ථානය?
අනේද කියන්නේ...?
මිනිස්සුන්ගේ මානසික මට්ටම... අල්පොන්සෝ නමිනුත් එකක් තියෙනවා මාමේ...
ඇත්තටම හොද වැඩක්,අපේ රටේ ගීත කලාවට අලුත් මාවතක් විවර කල මෙවැනි පුරෝගාමී කලාකරුවෙක්ගේ නාමය අප අතර නිරතුරුව ඇස ගැස්වීමට සැලැස්විම යනු ඔහු අප අතර නිරතුරුව ජිවත් වීමයි.
ඔහු මිනිසුන් අතර සිටින විශිෂ්ඨ සංගීතඥයෙකි. ඔහුට කෘතගුණ සැලකීම හොඳ දෙයකි.
සදාතනික යෞවනයේ කුමාරයාණෙනි .,පමාවී හෝ පිළිගන්න මේ රෝස මල
ගොඩක් හොඳ තීරණයක්... වැඩක් නැති දේශපාලකයින්ගේ නම් දානවට වඩා ගොඩක් හොඳයි. ක්ලැරන්ස් කියන්නේ සදහටම මතකයේ තියෙන සංගීත ශිල්පියෙක්...
නිහාල් නෙල්සන්, සුනිල් වගේ අයත් අමතක කරන්න එපා...