IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගය 10දා

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රසායනාගාර වාර්තා ප‍්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා සිට විභාග කිරීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළහ.

 
ඒ අනුව පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස මෙම නඩුව විභාග කරන දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අවවාද කළහ.
 
මෙම නඩුව දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ (සභාපති විනිසුරු) ශෂී මහෙන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහතවරු ඇතුලත් වෙති.
 
රසායනාගාරයෙන් නිකුත් කරන රසායනාගාර වාර්තා ප‍්‍රතික්ෂේප නොකර බාර ගැනීම සඳහා කුලියාපිටිය ‘සෙත්සුව’ පෞද්ගලික රසායනාගාරයෙන් මාස්පතා රුපියල් 25,000බැගින් ඉල්ලා ඉන් රුපියල් 75,000ක අල්ලසක් ලබා ගන්න ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
 

 

මෙලෙස චෝදනා ලබාඇත්තේ කුලියාපිටිය මුලික රෝහලේ කායික රෝග විශේඥ්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රසිරි තෙන්නකොන්වෙල මහතාය.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.


ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන ඔක්තෝම්බර් 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළහ.
 
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ දිස්නා ගුරුසිංහ මහත්මිය පෙනී සිටියාය.
 
විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන තේජිත කෝරලගේ, චමින්දි අර්සකුලරත්න, ඇතුළු නීතීඥ කණඩායමක් සමඟ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියහ.



අදහස් (0)

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගය 10දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 688 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site