(වසන්ත චන්ද්‍රපාල)
කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කරදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන උපවාසය පස්වැනි දිනටත් පැවැත්වුණ අතර එම ස්ථානයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතාට ජනතාව විරෝධය දැක්වූහ.
එම ස්ථානයට පැමිණි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ජනතාව ඇමතූ අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ජනතාව ඇමතන අතර තුර එම ස්ථානයේ සිටි ජනතාව ඔහුට හූ තබමින් විරෝධය දැක්විය.
පසුව අමාත්‍ය දයා ගමගේ මහතා පැමිණ ජනතාව ඇමතූ අතර ඔහුගේ කතාවට ජනතාව විරෝධය දැක්වීම හේතුවෙන් ඔහුට කතාව අතරමග නැවත්වීමට සිදුවිය.
දයා ගමගේ ඇමැතිවරයාට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයාට ජනතාව විරෝධය පල කිරීම හේතුවෙන් පොලිසීය මැදිහත්වී ඔවුන් දෙදෙනාව ඒම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.



COMMENTS
නියම වැඩක්. හූ කියලා මදි මේ වගේ දේශපාලකයෝ පාර්ලිමේන්තුවෙනුත් එලවලා දාන්න ඕනෑ.
ගම්මිරිස් ගොවීන් වනසපු අයට ඔහොම කරලා මදි... ගහන්න තිබුනේ බිම දාගෙන...
දැන්වත් මේ මැති ඇමතිවරුන්ට තේරෙන්න ඕනේ රටේ ජනතාව ඔවුන් ගැන දක්වන ආකල්පය. හැමදාම බොරුවෙන් දිනන්න බැහැ
අපරාදේ වසුරුවලින් නාවලම යවන්න තිබුනේ තිරිසන්නුන් ටිකම...
මේවා මහින්දලාගේ මිනිස්සුන්ගේ නරක වැඩ...
ඉසුරු, ඔයත් නැගිටලා තියෙන්නේ ඇදේ අනිත් පැත්තෙන්. ඇස් කන් ඇරගෙන කඩේ යන්න. නැතිව ඉබාගාතේ යන්න එපා.
මේ ඉසුරු නිකම් කහින්න එපා. මිනිසුන් අනිවාර්යෙන් මේ කාලකන්නි දේශපාලකයන්ට විරුද්ධව පක්ෂභේදයෙන් තොරව නැගිටින්න ඕනෑ. අපි එහෙම කරන්න පරක්කු වුණු එකේ ප්‍රතිවිපාක තමයි අපි අද භුක්තිවිදින්නේ. කල්මුනේ ජනයාට අපගේ උපහාරය. මේ රටේ සියළු මිනිසුන් මේ අයව මෙසේ ප්‍රතික්ෂේප කළ යුතුමයි.
දෙමළ ජනතාව දැන දැන් තමන්ගේ වර්ගයාගේ දේශපාලකයන්ගේ නිරුවත අවබෝධ කර ගනිමින් සිටින බව පෙනේ... එය සහජීවනය වර්ධනය කර ගැනීම සඳහා යහපත් ප්‍රවණතාවයකි.
මෙවැනි අයට ගල් ගසන්නයි තිබුනේ...
මේ හාමුදුරුවෝ මුසල්මානුවන්ට සිංහල රටේ ඉඩම් බලතල දෙන්න ඕනේ කියා උපවාස කරන්නේ දෙවියන්ගේ හාල් කැවිලාද? සෝභිත හාමුදුරුවෝ ප්‍රකාශ කළා වගේ ඉඩම් බලතල මධ්‍යම රජයෙන් පිට නොයායුතුයි...