IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කල්බදු මුදල් අඩුකිරීමට විදෙස් ගුවන් සමාගම් එකඟ වේ

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කල්බදු පහසුකම් යටතේ ගුවන් යානා ලබාදී ඇති සමාගම් එම කල්බදු මුදල අඩුකිරීමට එකඟතාව පළකර ඇත.

කොරෝනා වසංගතය හමුවේ ගුවන් මගීන් ප්‍රවාහනය විශාල ලෙස පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බදු මුදල් අඩු කිරීමට එකඟතාව පළවී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ගුවන් යානා 24ක් ඇති අතර, ඒ සියල්ලම කල් බදු පහසුකම් යටතේ ලබාගත් ගුවන් යානා බව වාර්තා වේ.

මෙම ගුවන් යානා 24 සමාගම් 6කින් කල් බදු පහසුකම් යටතේ ලබාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් ගෙවනු ලබන බදු කුලිය ඇමෙරිකානු ඩොලර් කෝටි 108ක් පමණ වන බව පැවැසේ.

එම බදු කුලිය ඇමරිකානු ඩොලර් කෝටි 95ක් පමණ දක්වා, ඩොලර් කෝටි 13කින් පමණ අඩු කිරීමට අදාළ ගුවන් සමාගම් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදාළ ගුවන් සමාගම් සමඟ ඉදිරියේදී නව ගිවිසුම්වලට එළඹෙනු ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.



අදහස් (0)

කල්බදු මුදල් අඩුකිරීමට විදෙස් ගුවන් සමාගම් එකඟ වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site