
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය සංචාරක පුරවරයේ,කන්දකුළිය මුහුදු තීරයේ නව කොරල් පරයක් ස්වාභාවිකව ජීවය ලබමින් සිටින බව පරිසරවේදීහු පවසති.
ඉකුත් කොරෝනා සමයේ සුවසේ සහ නිදැලේ මෙම කොරල් පරය සුන්දර රටා සමූහයක් නිමාණය කර ඇත.
තවමත් සංචාරක ඇස නොගැටුණු මෙම සුන්දර පරය පිළිබදව වණ ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතාගෙන් විමසූ වෙමු. ඒ මහතා පැවසුවේ දැනට කල්පිටියේ ප්‍රධාන කොරල් පරය වන,වැලි පර සමුදුරු අභය භූමිය හෙවත් බාර්පරයට අමතර මෙම පරය කන්දකුලිය සයුරේ පිහිටා ඇති බව ය.හෙක්ටයාර හතරක පමණ භූමි භාගයක් පැතිරී ඇති මෙම බරයේ විශේෂත්වය එය සවභාවිකව ජීවය ලබමින් සිටීමයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා අත නොතබනතාක් පරිසරය සුන්දර රටා මවයි...
මෙය නැව ගිනි ගැනීමට පෙර ඡායාරූපයක් විය හැකියි. මොකද පරිසරවේදීනුයි, යූටියුබ් කාරයෝයි දවසට දෙතුන් වතාවක් මුහුදු වෙරළට යනවා. මැරිච්ච සත්තුන්ගේ පොටෝ ගන්න/ සමහර අය වැල්ලේ කෑම්ප් ගහගන ඉන්නේ... මේ දිනවල මැරිච්ච මාලු බලන්න. කියන විදිහට සාගරය දැන් කාන්තාරයක්...
මගේ මතකයට එනවා මාලිනි බුලත්සිංහල මහත්මිය ගැයූ ලස්සන ගීතයක් ....." හිරු මඬලේ සිට - තරු මඬලේ වෙත දෙනෙත් හෙලන පුතුනේ.......බලාගන්න පුත - බලාගන්න පුත , ලස්සන ලක් දෙරණේ..." , මෝඩ, බියගුළු ,නුගත්, චවුර, අසික්කිත දේශකාපාලුවන් විසින් අද අන්ත අසරණ කර ඇති, සුන්දර ශ්‍රී ලංකාව. මේ බලන ඔබෙත් මගෙත් ආදරණිය දෙවෙනි අම්මා...!!!
මේ කියන විදිහට අර නැවේ රසායනික ද්‍රව්‍යවලින් පරිසර හානියක් වෙලා නැහැනේ.. වන්දි ගෙවන්නත් බැහැ කියයි.
මේවා අපට ස්වභාව ධර්මයාගෙන් ලැබෙන දායාද.. කරුණාකරලා නැවතත් විනාශ මුඛයට දාන්න ඉඩ නොදෙන්න..