(රොමේෂ් මධුෂංඛ)

                                                                                                                   

කිලිනෝචිය මුක්කම්පන් ප්‍රදේශයේ නිවසක ගෙවත්තක සඟවා තිබී පුපුරණ ද්‍රව්‍ය හා යුද උපකරණ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදාව කළ සෝදිසියකදී පුපුරණද්‍රව්‍ය හා යුද උපකරණ තොගය හමු වී ඇත.

ගන් පවුඩර් වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, ගිනි අවියක බඳ කොටස් 09ක්, කොටන තුවක්කුවක්, කඩු දෙකක්, බඳින කඳන් එකක්, යකඩ බට කොටසක්, ටී-56 පතුරම් 15ක්, මිලිමීටර් 120 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් එකක්, ආර්.පී.ජී. උණ්ඩයක්, යතුරු පැදියක් සහ ජංගම දුරකතනයක් සොයාගත් දෑ අතර වේ.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය හා සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය පොලීසිය වෙතට බාර දීමට පියවර ගෙන ඇත.