රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චියේ කන්නගිනගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් හමු වූ බවට අක්කරායන්කුලම් පොලීසිය පවසයි.
පසුගියදා කන්නගිනගර් ප්‍රදේශයේ වැසියකු කැළයට ගවයන් රැගෙන ගිය අවස්ථාවේදී ගවයින් විසින් මෙම අක්කරායන් ඇළෙන් වතුර බොමින් සිටියදී මෝටාර් බෝම්බයක කොටසක් ජලයෙන් උඩට මතු වී තිබෙනු දැක ඔහු මේ පිළිබඳව අක්කරායන් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ මෙලෙස ගොඩ ගැනීමට පියවර ගෙන තිබිණි.
මෙම යුද උපකරණ අතර එල්.එම්.ජී. වර්ගයේ බර අවි තුවක්කු සඳහා යොදා ගන්නා එම්.පී.එම්.ජී උණ්ඩ 3840 ක් එම්.පී.එම්.ජී වර්ගයේ උණ්ඩ 200 ක් සමඟ ලින්ක් කරන ලද වෑල් 2 සහ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක් තිබී පොලීස් නිලධාරීන් විසින් ගොඩ ගනු ලැබීය.
බොහෝ කාලයක් මඩ සහිත ජලයෙන් යට වී තිබීම නිසා පතුරම් පෙට්ටි දිරාපත් වී ගොස් ඇති අතර උණ්ඩ ද මළ බැඳී තිබේ.
ගොඩ ගත් කොටි යුද උපකරණ තොගය කිලිනොච්චි මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් විනාශ කිරීමට පියවර ගෙන ඇත.


2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිලිනොච්චියේ ඇළකින් කොටි ආයුධ රැසක් ගොඩ ගනී