(තුසිත කුමාර ද සිල්වා)
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පානීය නළ ජලය බෙදාහරින ප්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 තෙක් ජල සැපයුම අත්හිටුවන බව කළුතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. ඩී සමරනායක මහතා අද (26) පැවසීය.
ජල පවිත්‍රාගාරය අවට විදුලිබල මණ්ඩලයේ හදිසි අලුත්වැඩියාවන් හා නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි සඳහන් හෙතෙම සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වනුයේ බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය, වරාපිටිය, මීරච්චිකන්ද, කළුවාමෝදර, මොරගල්ල, කන්දෙ විහාරය අවට, හෙට්ටිමුල්ල, බේරුවල, මග්ගොන, පයාගල උතුර හා දකුණ, ඈතගම, කටුකුරුන්ද, උතුරු කළුතර හා දකුණු කළුතර, දොඩංගොඩ, පිලමිනාවත්ත, නාගොඩ, වස්කඩුව, වාද්දුව හා පානදුර යන ප්‍රදේශ වේ.
මේ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කර සිදු විය හැකි අපහසුතාවය වලක්වා ගන්නයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.