IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගයට එරෙහි පෙත්සම විභාගයට

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලඹේ , තලංගම තෙත් බිම හරහා නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ තලංගම පදංචිකරුවන් දෙදෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන සැප්තැම්බර් 17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) දින නියම කළේය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අතර එහිදී පෙත්සම සලකා බැලිමට මෙදිනට නියම කෙරිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය , තලංගම අවට පදිංචිකරුවන් දිනේෂ් ඉන්දික ගුණසේකර , ඊ.ඔ.සමරක්කොඩි , යන අය මෙම ගොනු කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය , ඒහි සභාපති පී.පී.අලුත්ගේ , මධ්‍යම පරිසර අධිකාරිය , ඒහි අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ජයසිංහ , නාගරික සංවර්ධන අධිකාරිය , ඒහි සභාපති හර්ෂ ද සිල්වා , පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ , සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගයට එරෙහි පෙත්සම විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site