(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලඹේ , තලංගම තෙත් බිම හරහා නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ තලංගම පදංචිකරුවන් දෙදෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන සැප්තැම්බර් 17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) දින නියම කළේය.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අතර එහිදී පෙත්සම සලකා බැලිමට මෙදිනට නියම කෙරිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය , තලංගම අවට පදිංචිකරුවන් දිනේෂ් ඉන්දික ගුණසේකර , ඊ.ඔ.සමරක්කොඩි , යන අය මෙම ගොනු කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය , ඒහි සභාපති පී.පී.අලුත්ගේ , මධ්‍යම පරිසර අධිකාරිය , ඒහි අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ජයසිංහ , නාගරික සංවර්ධන අධිකාරිය , ඒහි සභාපති හර්ෂ ද සිල්වා , පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ , සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.